Skip to main content

මම හරිද වැරදිද?


සමහරු කියයි මම වැරදි කියල......
උඹ කල දේ තමයි හරි
තව අය කියයි.....
ලග හිටපු එවුන් මාව දාල යයි....
දොස් කියයි මට බනියි......
ඒත් හැමදාමත් වගේ සමහරු මම ලඟ ඉඳියි...
මාව සනසාවි
මම හරිද වැරදිද?
කාලයක් මටත් ඕක ගැටලුවක්
ඒත්..
ඒක ගැන හරියටම දන්නේ එක්කෙනයි....
ඒ මගේ හෘද සාක්ෂිය විතරයි...
දවසක හෘද සාක්ෂිය කතා කලොත් කියයි
මම හරිද වැරදිද කියලා............
එතකන් හුගක් අය හුගක් කතා කියයි
ඒත් හැමදේම දැනගත් දවසට
හැමොම මාව තේරුම් ගනියි......
එතකන් මම බලන් ඉදියි.......

Comments

Unknown said…
තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන එක තමයි හරිම දේ කියලයි මමත් හිතන්නෙ. හිතට එකඟව හරි දේ කරනව නම් කාටවත් තමන්ට ඇඟිල්ල දික් කරන්න බෑ.
උඹ හරිද? වැරදිද?
ඔය ප්‍රශ්නයට මොන උත්තරේ ආවත් උඹ නිකන් දුක් විදිනවට අපි කැමති නැ. අපිට උඹේ හෘද සාක්ෂිය කියවන්න බෑනේ. මොනදේ උනත් යාලුවා අපි උඹේ ලග ඉන්නවා.
රවා said…
බුද්ධිය ඔයාට විරුද්දවන දවසක ඉස්සරහට යන්න බැරිවෙයි.නමුත්
හදවත ඔයාට විරුද්ද වන දවසක ඔයාට ජිවත් වෙන්න බැරිවෙයි.
නමුත් මම විස්වාස කරන දෙ තමයි හදවත. බුද්ධිය මාව සල්ලි අතින් දියුනු කරාට මගෙ සැනසිම, අවංකකම උදුරගන්නවා. හදවත එහෙම නෙමෙ මැරෙනකම් ලග ඉන්නවා. ඔයා හෘද සාක්ෂිය කියන්නෙ මම හදවත කියන දෙට....
Anonymous said…
Ranil neda ooka kiyanne....!!!!!
Mata ekaparata ma theruna....
CharithD said…
අලී........කවුරු මොනවා කිව්වත් තමන්ගේ හිතට එකඟව කරන දෙයක් ගැන පස්සෙ පසු තැවිලි වෙන්න වෙයි කියලා මමනම් හිතන්නෑ...තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව කරන කිසිම දෙයකින් අපිට පසුතැවිලි වෙන්න වෙන්නෑ... මොකද අපේ හෘද සාක්ෂිය අපිට වැරදි දෙයක් කරන්න දෙන්නෑ...අපි අද මේවිදියට මෙතන ඉන්නෙ අපේ ඒ හෘද සාක්ෂිය හොඳ නිසා නේද?
@ manju, රවා , රවි
ඒක ඇත්ත මචංලා...
අපෙ හිත දන්නවා නම් මොකක්ද හරි කියලා ඒ ඇති..........
@ Hure
හැමදාමත් උඹලා සහෝදරයෝ වගෙ දුකේදිත් සැපේදිත් මම ගාව ඉන්නවා කියලා මම දන්නව මචං
එක මට ලොකු හයියක්...........

@ Anonymous

මෙ මම ලිව්වෙ රටෙ ඉන්න මොන දේශ පාලුවෙකුට වත් නෙමෙයි... ඕන දෙයක් දිහා එක එක කන්නාඩි දගෙන අපිට බලන්න පුලුවන්... ඒ කොහොම වුනත් මචෝ comment එකට thanx
Thushara said…
I hve nothing 2 tell f dis machan....

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...