Skip to main content

මම හරිද වැරදිද?


සමහරු කියයි මම වැරදි කියල......
උඹ කල දේ තමයි හරි
තව අය කියයි.....
ලග හිටපු එවුන් මාව දාල යයි....
දොස් කියයි මට බනියි......
ඒත් හැමදාමත් වගේ සමහරු මම ලඟ ඉඳියි...
මාව සනසාවි
මම හරිද වැරදිද?
කාලයක් මටත් ඕක ගැටලුවක්
ඒත්..
ඒක ගැන හරියටම දන්නේ එක්කෙනයි....
ඒ මගේ හෘද සාක්ෂිය විතරයි...
දවසක හෘද සාක්ෂිය කතා කලොත් කියයි
මම හරිද වැරදිද කියලා............
එතකන් හුගක් අය හුගක් කතා කියයි
ඒත් හැමදේම දැනගත් දවසට
හැමොම මාව තේරුම් ගනියි......
එතකන් මම බලන් ඉදියි.......

Comments

Unknown said…
තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන එක තමයි හරිම දේ කියලයි මමත් හිතන්නෙ. හිතට එකඟව හරි දේ කරනව නම් කාටවත් තමන්ට ඇඟිල්ල දික් කරන්න බෑ.
උඹ හරිද? වැරදිද?
ඔය ප්‍රශ්නයට මොන උත්තරේ ආවත් උඹ නිකන් දුක් විදිනවට අපි කැමති නැ. අපිට උඹේ හෘද සාක්ෂිය කියවන්න බෑනේ. මොනදේ උනත් යාලුවා අපි උඹේ ලග ඉන්නවා.
රවා said…
බුද්ධිය ඔයාට විරුද්දවන දවසක ඉස්සරහට යන්න බැරිවෙයි.නමුත්
හදවත ඔයාට විරුද්ද වන දවසක ඔයාට ජිවත් වෙන්න බැරිවෙයි.
නමුත් මම විස්වාස කරන දෙ තමයි හදවත. බුද්ධිය මාව සල්ලි අතින් දියුනු කරාට මගෙ සැනසිම, අවංකකම උදුරගන්නවා. හදවත එහෙම නෙමෙ මැරෙනකම් ලග ඉන්නවා. ඔයා හෘද සාක්ෂිය කියන්නෙ මම හදවත කියන දෙට....
Anonymous said…
Ranil neda ooka kiyanne....!!!!!
Mata ekaparata ma theruna....
CharithD said…
අලී........කවුරු මොනවා කිව්වත් තමන්ගේ හිතට එකඟව කරන දෙයක් ගැන පස්සෙ පසු තැවිලි වෙන්න වෙයි කියලා මමනම් හිතන්නෑ...තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව කරන කිසිම දෙයකින් අපිට පසුතැවිලි වෙන්න වෙන්නෑ... මොකද අපේ හෘද සාක්ෂිය අපිට වැරදි දෙයක් කරන්න දෙන්නෑ...අපි අද මේවිදියට මෙතන ඉන්නෙ අපේ ඒ හෘද සාක්ෂිය හොඳ නිසා නේද?
@ manju, රවා , රවි
ඒක ඇත්ත මචංලා...
අපෙ හිත දන්නවා නම් මොකක්ද හරි කියලා ඒ ඇති..........
@ Hure
හැමදාමත් උඹලා සහෝදරයෝ වගෙ දුකේදිත් සැපේදිත් මම ගාව ඉන්නවා කියලා මම දන්නව මචං
එක මට ලොකු හයියක්...........

@ Anonymous

මෙ මම ලිව්වෙ රටෙ ඉන්න මොන දේශ පාලුවෙකුට වත් නෙමෙයි... ඕන දෙයක් දිහා එක එක කන්නාඩි දගෙන අපිට බලන්න පුලුවන්... ඒ කොහොම වුනත් මචෝ comment එකට thanx
Thushara said…
I hve nothing 2 tell f dis machan....

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද