
අවරගිර නුබ ගැබේ
ඉර හැංගිලා ගිහින්...
අන්ධකාර අහස යට
මම හිතුවා වහීවි කියලා..
ඒත් නෑ...
අකුනුත් විදුලියත් විතරයි...
අරලිය තුරු පාමුල
සුදු මල් ඉහිරිලා ගිහින්....
ලස්සන සුවඳ මැකිලා
කවුරු හරි කඩලා දාලා වෙන්න ඇති..
ඒත් නෑ....
ඒ මල් පරවෙලා ගිහින්...මේ පාලු හන්දෑවෙ
ලස්සන සුවඳ මැකිලා
කවුරු හරි කඩලා දාලා වෙන්න ඇති..
ඒත් නෑ....
ඒ මල් පරවෙලා ගිහින්...මේ පාලු හන්දෑවෙ
සීතල ඉහිලුම් නෑ...
හදවත ගල් ගැහෙන තරම්...ජීවිතේටත් වඩා
මම ආදරේ කල නුඹ
මට අහිමි වෙද්දි..
මගේ හුදකලා ආදරය මතක් වෙලා
මම හිතුවා මට ඇඬේවි කියලා..
ඒත් නැහැ....
අඬලම දෙනෙත් නිරුදක වෙලා...
කඳුලු වෙනුවට ඇස් වලින් ගැලුවෙ
හිත හීරිලා වැටුනු ලේ බිඳු විතරමයි...අහිමි නුඹ ගැනම හිතලා
හදවත ගල් ගැහෙන තරම්...ජීවිතේටත් වඩා
මම ආදරේ කල නුඹ
මට අහිමි වෙද්දි..
මගේ හුදකලා ආදරය මතක් වෙලා
මම හිතුවා මට ඇඬේවි කියලා..
ඒත් නැහැ....
අඬලම දෙනෙත් නිරුදක වෙලා...
කඳුලු වෙනුවට ඇස් වලින් ගැලුවෙ
හිත හීරිලා වැටුනු ලේ බිඳු විතරමයි...අහිමි නුඹ ගැනම හිතලා
මුලු ආත්මයම ගිලන් වෙලා
මම විපිලිසරව බලා උන්නා
මම හිතුවා මම මැරෙයි කියලා..
ඒත් නැහැ...
මැරි මැරි ජීවත් වෙනවා විතරයි.....
මම විපිලිසරව බලා උන්නා
මම හිතුවා මම මැරෙයි කියලා..
ඒත් නැහැ...
මැරි මැරි ජීවත් වෙනවා විතරයි.....
ජීවිතේ හුඟාක් දේවල් වෙනස් වෙලා..කාලෙකට කලින් හීනයක් වෙලා තිබුන ආදරේ හැබෑවක් වෙලා මගේ ජීවිතේම අලුත් කරලා..ඒ ආදරේ හීනයක් විතරක් වෙලා ලෝකෙටම හොරෙන් ව්ඳවද්දි හිතේ දුක නැති කරගන්න ලියපු කවියක් මේක....මට ලස්සනයි කියල හිතුනු නිසා දාන්න හිතුනා....
Comments