
අනේ එදා දවස කොහොම ගෙවුනද ... මට තාම හිතා ගන්න බෑ..හරියට මම පාවෙනවා වගේ...
කවදා හිතුව දෙවල්ද මේ වෙන්නේ... වෙලාව යන්නේ නෑ වගේ..
කොහොම හරි ඉතින් ඊළග කෝල් එනකන් බලන් ඉදපු ඉඳිල්ලක්...
දෑස රිදෙනව පාර බලන් ඉඳලා නෙමෙයි..මෙහෙම බලන් ඉදලා...
අනේ අම්මෙ කවද කාපු ටකරන්ද?... ටකරන් කෑවත් මොකෝ දිරවනවා නම්..
එහෙම හිතලා මත් බලන් හිටියා..
අද මෙච්චර දිග දවස වෙනදට කොච්චර කොටද?...දවස එච්චර දිගද කියලා මට හිතුනේ එදා.. ..
කොහොම වුනත් එද රෑ වෙනකන් බලන් හිටියා.. තාම නෑනෙ..
බොඩිමේ කස්ටිය (මගේ අතිජාත මිත්‍ර සේනාව මට කින්ඩිත් දානවා...)
මොකද අපේ එවුන්ගේ කටවල් හරි ෂෝක්.. හරියට කැඩිච්ච ලැට් කටවල් වගේ..
ඒවුනාට උන් තමයි ඉතින් මොනදේටත් මගේ හයියට ඉන්නේ..
ඇත්තටම මට පිස්සුද...
ඒ කෙල්ල මට මොනවද කිව්වේ මොනවද ඇහුවේ...
මුකුත් නෑ...
අඩුම තරමින් කැම්පස් එක ගැනවත් හරි කැම්පස් එක පැත්තකින් තියමු මට කොහොමද කියලාවත් ඇහුවද?
නෑ..
"උඹ අහුවෙලා පුතා.. උඹ ලනුව කාලා... පව් අහිංසකයා...ඒකි උඹට කැමති නෑ බං..
උඹත් ඊයේ කිව්වේ අර කියන්න ඔන දෙවල්ද..
වික්ටොරියා වේල්ල ඇරියා වගේ ඔක්කොම කිව්වා..
පලවෙනි දවසෙම ඔව කියන සිරිතක තියනවද ගස් ගෙම්බෝ..." ඇත්තනේ මාත් ඉතින් හිතේ තියන ඔක්කොම කිව්වනේ....
"වෙන් වෙන්නටදෝ ලං වුයේ...
ලන් වෙන්නටදො වෙන්වුයේ..."
නෑ නෑ... එහෙම නෑ
"ඒකිට වැඩ ඇති.. උඹ කොහොමද දන්නේ ඒකි ගැන...
අම්මයි තත්තයි දෙන්නම ගෙදර අති.. එකම දුවනෙ ඉතින්..
අනෙක උඹට වගේද බං ඒකිට...
උපහාරයක් වත් නෑනේ.."
වෙන කවුරුවත් නෙමෙයි මෙහෙම කියන්නේ ..... මගේම හිත...
හිත දෙපැතකට බෙදිලා තම තමන්ගේ පැත්ත සාධාරනීකරනය කරගන්නවා...
හැමදෙටම වෙලාවක් තියනවානේ... ඔන්න නමයට විතර අවා කෝල් එකක් .. කෝල් එකක් කිව්වට මිස් කෝල් එකක්..
ඒකනේ... දුන්නු ටෝකේ හැටියට අද මිස් කෝල් හරි එකක් දෙන්නම ඕන..
මම ගත්තා අපහු..
"හෙලො මට දැන් කතා කරන්න බෑ.. අම්ම කාමරේ ඉන්නේ.." එහා පැත්තෙන් හීනියට කෙඳිරුවා..
"ඇයි එහෙමනම් කලින් කෝල් කලේ නැත්තේ... මාව මතක් වුනේ නැද්ද..." හ්ම්ම්ම්.. සද්දයක් නෑ.. ඇහුව එක සැර වැඩිද මන්දා..
ඒවුනාට අඩුම තරමින් මතක්වුනා වත් කියපන්කො..
ඒත් නෑ..
උඹට කැමති නැ බං ඒකි.. නරක හිත කිව්වා.. ඇත්ත...
"මම තව පැයකින් කෝල් කරන්නම්..ඕකේ.. " එහා පැත්තෙන් කිව්ව..
මේ දැස මක්කටෙයි වගේ තව පැයකින් කෝල් කරල මක්කටෙයි?මම මගෙන්ම අහගත්තා...
" මම දැන් තියන්නම්...බුදුසරනයි.. බුදුසරනයි.." කෝල් එක කට්...
මේ මොනවද මේ වෙන්නේ ... වැඩේ චව් ද? නෑ නෑ එහෙම වුනේ නෑ.. එහෙනම් එයා කෝල් කරන්නැ...
තව පැයකින් කෝල් කරයි නේ.. එතකොට අනිවා මේකෙ දෙකෙන් එකක් බේරා ගන්නවා...
හරියටම පැයකට පැස්සේ කෝල් එකක් ආවා.. මෙච්චර කට්ට කාපු උත්සහය අසාර්ථක වෙලා නම් නෑ.. එදා පැය දෙකක් විතර කතා කරලා නැවැත්තුවට එදා ඉදන් පටන් ගත්තු කතා කිරිල්ල අද වෙනකන්ම කතා කරනවා..හුගාක් ආදරයෙන්.... හිතා ගන්න පුලුවන් නේද මොකද උනේ කියලා....
Comments
ඔහොම ම යං මිත්‍රයා.
සුබපැතුම් මචන්, ඔහොම යන්.
Piumalie
..ekanam aththa.. amuthuwen kianna one nahane.. oyata kawadath lassanata liyanna puluwanne... hama adara kathawakama lassnata iwara wenne naha... eka itin me loke hati thama...
ස්තුතියි .....
@ upeka:
හැම ආදර කතාවකම අවසානය සුන්දර නෑ.. ඒ කතාව නම් ඇත්ත ..