Skip to main content

නුඹයි මමයි....


ජීවිතේ ලස්සනයිඒ නුඹ මගේ හින්දා..
කවදාවත් මගේ වෙයි නොහිතා
බලා ගෙන හිටි හැටි
මට තාමත් මතකයි..
මා ඉස්සරහම
වෙනකෙකුට අයිති වෙයි කියලා
දුකින් පෙම් බැන්ද නුඹ
මගේමයි
මගෙ විතරමයි කියලා
මගෙ හිතට දැනෙනකොට..
නුඹෙ තුරුලෙ ගුලි වෙලා
වරුවක්ම අඬන්න මට හිතුනා..

හිතේ පිරුනු නිමක් නැති සතුටට....
දන්නවද
නුඹ ඉරක් වගේ
නුඹ නුඹේ එලියෙන්ම බබලනවා..
මම හඳක් වගේ
ඒ නුඹේ එලියෙන් මම බබලන හින්දා..
මගේ ජීවිතේ එලිය කරන නුඹට
මම කොයි තරම්නම් ආදරේද ..
මගේ ලොකයේ වටිනාම වස්තුව..
හිත ඇතුලේ පරිස්සමට තියාගෙන
පන වගේ රකින
නුඹේ ආදරය ..
මාව ජීවත් කරවන උනුහුම වෙලා...

මම නුඹට හුඟාක් ආදරෙයි...

Comments

Raven said…
ලස්සනයි.
හිතට දැනුනා නිසඳැස.
සුබපැතුම්.
Anonymous said…
සිරා මචන් මටත් මීට සමාන අත්දැකීමක් තියෙනවා හැබැයි තවම අනෙක් පාර්ශවයෙන් කැමැත්ත ලැබුනෙ නැහැ, ඒත් එක ලගදිම ලැබෙයි කියල බලාගෙන ඉන්නවා
CharithD said…
ලිව්වකෙනා කවුරු වුනත් බොක්කෙන්ම ලියලා තියනවා....ඇත්තටම අලී කො දැන් මෙයා.........
@ anonymous:
බය වෙන්න එපා.. ලගදීම දවසක කැමැත්ත ලැබෙයි..
@ MANJU:
එයා ගැන ලගදීම දැන ගනී.. :-)
@ ravin:
thanx මචං
ලස්සනයි මචං.
නිර්මාතෘට සුභ පැතුවා කියන්න.
අනේ පලයන් යන්න... මේකේ තියෙන්නේ මමම ලියපු ඒවා... මේක විතරයි එහෙම නැත්තේ
දසුන් said…
කවියො දෙන්නාටම ජය වේවා...!
Anonymous said…
මේ අත්දැකිම කාගේද ඇත්තටම? සමනලීට හරිම හුරුපුරුදුයි..... මේ වාගේම කෙනෙක් ගැන සමනලි දන්නවා ඒකයි....

කවුරු උනත් ඒ කවියාට සුබපතන්නම ඕනි... හරිම සුන්දර පද ගැලපුමක්............
මේක මට දුන්නු කෙනා ඔයා දන්නේ නැතුව ඇති... එත් ස්තුතියි ඔබෙ සුබ පැතුමට....