Skip to main content

ඇයි අරයා එයාවම බැන්දේ..


ඔන්න මම පුංචි කතාවක් කියන්න යන්නේ...කට්ටිය අහගන්න ඕනි..
මේ කතාව මට ලියන්න සිත් වුනේ අපේ ඥාති අයිය කෙනෙක් නිසා.
අපේ ඥාති අයියට උපහාර පිනිස තමයි මේ කතාව ලියන්නේ..
ඒ අයියට වුනු දේ පස්සේ කියන්නම්.. ඉස්සෙල්ල කතාව අහ ගන්නකෝ...

ඔන්න තරුන කඩවසම කොල්ලෙක් හිටියා අපේ ඥාති අයියා වගේ....
කඩවසම් උනාට මුට තාම කෙල්ලෙක් නෑ..
ඒ උනාට අපේ එකාට නම් හිත ගිය තැන මාලිගා...
ඒත් ඉතින් කල වයස හරි යාගෙන එනකොට ගෙදරින් කෑ ගහන්න ගත්තා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා..
ඉතින් අම්මලා තාත්තලාගෙ හිත් සතුටු කරන්න ඕනි නිසා අම්මාලටම කිව්ව මෙයාට සහකාරියක් හොයල දෙන්න කියලා..
අන්තිමටම අම්මලා හොද යොජනා තුනක් ගෙනාවා..
ඔන්න ඉතින් හා හා පුරා කියලා පලවෙනි යොජනාව බලන්න ගියා ඒ ගෑනු ලමයා රජයේ ලිපිකාරිනියක්.. රුපෙත් හොදයි.. ගොඩින්ද මඩින්ද කිසිම අඩුවක් නෑ.. ඒත් මිනිහා නෙමෙයි කැමති උනේ..
අම්මලට පුදුමයි.. ඒත් පුතන්ඩියාගේ කැමත්ත නිසා ඒ යොජනාව අත් ඇරලා දැම්ම..
ඊට පස්සේ දෙවනි යොජනාවට ගියා..
ඒ ගෑනු දරුවා නම් ඉටි රුපේ වගේ... හරි ලස්සනයි.. ගති ගුනත් හොදයි වගේ.. ඒ කෙල්ල හෙදියක්..
එත් මේකටත් කලින් බණේම තමයි මේකටත් කැමති උනේ නෑ..
අම්මල බැන බැන තමයි ගෙදර ආවෙ..
ඔන්න තුන් වෙනි යොජනාව බලන්න ගියා..
එයා ස්කෝලෙ ටීචර් කෙනෙක්.. ටිකක් මහත පුංචි වපරයක් තියන කෙනෙක්..
එත් මු උඩින්ම කැමති උනේ ඒ කෙල්ලව බඳින්න.. අම්මලා හරියට පුදුම උනා..
ඇයි අච්චර ලස්සන කෙල්ලො දෙන්නෙක් අත් අරල මේ වගෙ කෙල්ලෙක්ට කැමති උනේ කියලා.
එත් එයාගෙ ජිවිතේට හොදයි කියනවා නම් අපිටත් කමක් නෑ කියලා එයාල හිතුවා..
ඔන්න ටිකක් කාලෙකට පස්සේ ඒ කොල්ලෙගේ හොදම යාලුවෙක් රට ඉදලා අවා..
කාලෙකින් මුන ගැහුනු නිසා දෙන්න ගියා බාර් එකක් පැත්තේ ටිකක් රත් වෙන්න කියලා..
ඔන්න කෝප්ප එක දෙක හිස් වෙනකොට යාලුවා අර කොල්ලගේ මෙහෙම අහුව..
"ඇයි මචන් උබ අර ලස්සන කෙල්ලො දෙන්නෙක් අත් ඇරල අර වගේ කෙල්ල බැද ගත්තේ.. මොකද ඒකි අරුන්ට හොදයි ?...
එතකොට අපේ තරුන හාදයා කියනවා..
"පිස්සුද බං.. එකිගේ අති හොදක් නෑ.."
" ඇයි එහෙනම් උබ එකි බැන්දේ.." ආයෙත් යාලුවා අහනවා..
"මෙකයි මචං... දැන් බලපන්..
පලවෙනි කෙල්ල ක්ලාක් කෙනෙක්..
මොකක්ද ඒකිගේ කටේ හැම වෙලාව්වෙම තියෙන්නේ..
ඔක හරි අමාරු වැඩක්.. අනේ අද බෑ හෙට බලමු.. තරහා වෙන්න එපා කියලනේ...
දෙවනි කෙල්ල නර්ස් කෙනෙක්..
එකි කියන්නේ මොකක්ද... මොකද ඔය කන්කෙඳිරි ගාන්නෙ.. අනිත් පැත හැරිලා නිදා ගන්නවකො වද නොදී කියලා නේ..
ඒත් බලපන් තුන් වෙනි කෙල්ල කොච්චර ශෝක්ද?
ඒකිගේ කටේම තියෙන්නේ අපි ඒයේ නවත්තපු තැනින් පටන් ගමු කියලා නේ...කියලා අපේ තරුන මිත්‍රයා කිව්වා..

සමහරුන්ට හොදටම තේරිලා ඇති...මේ කතාව සමහර අයට තෙරෙන්නෙ නැතුව ඇති..
ඒත් දවසක නොතෙරුනු අයගේ ටියුබ් ලයිට් පත්තු වෙලා එයාලටත් තෙරෙවි..
ඔන්න එදාට නම් මට බනින්න එපෝ...
මම මේ කතාව ලියන්න හිතුනේ අපේ අයියා ලගදි කසාද බැන්ද ..
බැන්දේ ටීචර් කෙනෙක්...ඒ අක්කා නම් ලස්සනයි..
ඒත් එයත් ඒ අක්කව බැන්දේ මේ කතාව දැන ගෙනද දන්නේ නෑ...

Comments

`~Deshapriya~` said…
අනේ මන්දා............
එලම කතාවක්. මම ඔය කතාව අහලා තියෙනවා. ඒකට තව දොස්තර නෝනා කෙනෙකුයි, නීතීඥ නෝනා කෙනෙකුයි, රූපවාහිනී නිවේදිකාවකුයි එකතු වෙනවා.
දසුන් said…
හ්ම් හ්ම්...
ස්තුතියි හැමෝටම... ආයෙත් කථාවකින් හමුවෙමු....හික්ස්

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද