Sunday, May 2, 2010

මම මේ තමුසෙටයි කියන්නේ..



මම මේ තමුසෙටයි කියන්නේ...
මොකද...අහන් ඉන්න බැරිද..??
ඔහොම හිටියට වැඩක් නෑ...
මම කියන් දේ අහන් ඉන්නම වෙනවා...
ඇත්ත තිත්තයි නේද... කරන්න දෙයක් නෑ.. අහන් ඉන්නවා...
මොකක්...????
මෙ අහනවා...
මම කිව්වනෙ වැරැද්දක් කල නම් පිලි ගන්න කියල
ඇයි තමුසෙට පිලි ගන්න බැරි...
තමුසෙ මුකුත්ම කලේත් නෑ...මුකුත්ම දන්නෙත් නෑ...
ඔන්න ඉතින් ආයෙත් බොරු කියනව..
තමුසෙ බබා... යනව ඕයි යන්න..
තව මගුලක් කතා කරනවද?
තමුසෙ දැන් මොකක්ද කියන්නේ
කවුද දැන් අඩන්න කිව්වේ... අඩන එක නවත්වනවා..
සැරයක් කිව්වා නවත්තන්න කියලා.....
මම කැමති නෑ ඔයා අඩනවට...
හරි දැන් ඇති ඔය ඇඩුවා.. මේ අහන්න...
හිත රිද්දන්න නෙමේ කිව්වේ...මගෙත් හිත රිදුනා..
දැන් හරි... දැන් චුට්ටක් හිනා වෙන්න.. කෝ.. අනේ චුට්ටක්...
හොද ලමයා....
තරහද මාත් එක්ක...
දෙයක් කියන්නද....
හැබැයි මෙක අහල බනින්න බෑ.. දැන් හරි කියන්න..
මම ඔයාට හුගක් ආදරෙයි...

3 comments:

තාරක | Tharaka said...

මචං සිරා රංඩුව...මට අත්දැකීම් නම් නෑ..හැබැයි ඔය රංඩුවෙ මුල් පේළි 12 කියවන කොට වළස්මුල්ල පැත්තෙන් ආපු පොරක්මතක් වෙනව...මේක කියවන කොට man මතක් උන නිසයි ලිව්වෙ. මඩ ගහන්න නෙමෙයි...

Krishan said...

@ තාරක...
ඇයි මචං වලස්මුල්ල පැත්තෙන් ආපු පොර මතක් උනේ....???

D-Note said...

maxxa මචන්....