Skip to main content

ලංකාවේ සිගරට් පෙට්ටියත් මේ වගේ වුනොත් නරකද?




දුම් වැටිය ඔබේ ජීවිතේට කොපමණ සමීපද කියල මම දන්නේ නෑ.හුගාක් දෙනා සිගරෙට්ටුවක් දල්වා ගන්නේ එක එක හේතුන් හින්දා.සමහරු සිගරට් බොන්නේ ආතල් එකට ස්ටයිල් එකට.සමහරු ප්‍රශ්න හින්දා, සමහරු පුරුද්දට.තව හුගක් හේතු තියෙන්න පුළුවන්.දවසට සිගරට් පැකට් 1 හෝ ඊට වැඩි ගණනක් බොන අය ඉන්නවා. මිනිස්සුන්ට ඒක පුරුද්දට ගිහින්. වියදම් වෙන සල්ලි ටිකයි එකෙන්ශරිරයට වෙන හානියත් ගැන මම කියන්න ඕනේ නෑනේ. වෙලාවෙදි එක සැපක් කියල හිතුණට එකෙන් ලැබෙන ප්‍රතිඵල දිගුකාලීනයි...
මම මේ සිගරට් වලින් වෙන ආදීන කියන්න යනව නෙමේ.කියන්න ආවේ ලංකාවේ තියන සිගරට් පෙට්ටියකයි මලයාසියවේ තියන සිගරට්පෙට්ටියකයි වෙනස පෙන්නන්න. මට ලංකාවේ තියන සිගරට් පෙට්ටියක පින්තුරයක් නම් හොය ගන්න බැරි උණා..ඒත් හුගක් දෙනා ලංකාවේ තියන සිගරට් පෙට්ටි දැකල ඇති කියල හිතනව... සිගරට් පෙට්ටියේ පැත්තක තියනව"රජයේ අවවාදයයි: දුම් බීම පිළිකා ඇතිකරයි" කියල... ඕක ඉතින් මිනිස්සු වැඩිය කියවන්නේ නෑ... සිගරට් බිව්වම පිළිකා සහ තවත් ලෙඩ රෝග හැදෙනවා කියල ඒක බොනමනුස්සයාගේ ඔළුවට යන්නෙත් නෑ.. ඒත් බලන්න මලයාසියානු සිගරට් පෙට්ටිය..


ඒක මත සිගරට් බිව්වම හැදෙන ලෙඩ හෙදුනට පස්සේවෙන ඩේ රෝග වල භයානක කම දාලා තියනවා... පින්තූරටික දැක්කම එක බොන්න යන මිනිහටත් සිගරට් බොන එක ටිකක් හරිඑපා වෙනවා.දන්නේ ලංකාවේත් ඉදිරියෙදි මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරයි කියලා... එහෙම කරත් මෙහෙ මිනිස්සු බොන බීමට නම් ඔයසිගරට් බොන එක ටිකක් හරි අඩුවෙයිද කියලා නම් සැකයි....

Comments

මලයාසියා ආණ්ඩුවට දුංකොළ සමාගම් අවුරුද්දකට කොච්චර බද්දක් ගෙවනවද?
මලයාසියාවේ අයවැයෙන් සිගරට් මිල කොච්චර වැඩි කරනවද?
ඕවට උත්තර හොයාගත්තොත් මලයාසියාවේ සිගරට් පෙටි ඔයවගේ ඇයි කියලා දැනගන්න පුළුවන්...

මීට කළින් හීනෙකිංවත් හිතපුවත් නැති දෙයක් ගැන හෙව්වා. ටිප් එක දුන්නට බොහෝම පිං.

ජය වේවා...
za za said…
අපේ රට නිරෝගි වෙවි මේ වගේ දෙයක් කලොත්!!!!!
මට කලන්තේ වගේ ....!!‍

ජයවේවා !!
කලිනුත් සහෝදරයෙක් කිව්වා වගේ ලංකාවේ ආණ්ඩුවට වැඩි වශයෙන් බදු හම්බවෙන් ක්‍රමයක් තමා සිගරට් කියන්නේ.

එතකොට ඒ වගේ එකකට මේ වගේ පින්තූර තියෙන පෙට්ටි හඳුන්වලා දීලා තමන්ගේ බදු ආදායම අඩු කරගන්න ආන්ඩුව ක්‍රියා කරයිද ?

දුම්බීම පිළිකා ඇති කරයි කියලා ගහන්නෙත් "මහජන ආරක්ෂණ පනත" ද මොකක් හරි ඒ වගේ නමක් තියේ එකක් නිසා. ඒක නැත්නම් ඒ වාක්‍යය ගහන්නෙත් නැහැ

කොහොම නමුත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් හුඟක් අය දුම්වැටි රකුසාගෙන් ගලවා ගන්න පුලුවන් වෙයි
dinesh said…
අපිත් ඉතින් ඉස්සර එක,දෙක ඇද්දා.ඔය විදියෙ පෙට්ටි තිබුනනම් එහෙම ඒකවත් නොකර ඉන්නවා.

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."  මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.  මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි  "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ ..  මම එච්චර දක්ෂ නෑ..  අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.  අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප...