
අද හවස මම මුහුදු වෙරලට ගියේ ගෙදර ඉන්න කම්මැලි නිසා. අයිස් ක්‍රීම් එකකුත් කකා පරණ ඔරු කඳකට හාන්සි වෙලා ඈත ක්ෂිතිජය දිහා බලා ඉන්න කොට මං ගාවට දුව ගෙන ආවේ හොටු පෙරා ගත්ත අවුරුදු 5ක විතර පුංචි කොලු ගැටයෙක්. ඇවිත් ඉන්නවා. මං හිතුවා කීයක් හරි ඉල්ලයි කියලා. ඒත් ඉල්ලානෙත් නෑ. මම අයිස් ක්‍රීම් එක කන දිහා බලන් ඉන්නවා. අයිස් ක්‍රීම් කාරය එතන හිට්යේ නෑ අයිස් ක්‍රීම් එකක් වත් අරන් දෙන්න. මම ඇහුවා මේක ඕනෙද කියලා හා කියලා කිව්වේ හරි සතුටින් මම එක දුන්නම මිනිහට හරියට රටක් රාජ්ජයක් ලැබුනා වගේ එකත් අර ගෙන මිනිහා දුවලා ගියා. අම්මෙක් අප්පෙක් ඉන්නවද දන්නේ නෑ ඒ පුන්චි කොල්ලට. එක්කො ඇති නැත්නම් නැතුව ඇති.
මා නුඹට ශාප නොකරමි.....
නුඹට එසේ කරන්නට සිදු විය....
ඒ නුඹ නුඹේ හැගීම් වලට
නුඹේ නිකැලැල් ආදරයට
ඉඩ දුන් නිසාවෙනි...
ඉඩ දුන් නිසාවෙනි...
එදින නුඹ මා ගැන සිතුවේ නැත,
සිතුනේද නැත...
සිතුනේද නැත...
සිතුවේ නුඹේ
නොනිමි ආදරය ගැන පමනකි...
නොනිමි ආදරය ගැන පමනකි...
පරම පවිත්‍ර ලෙස විශ්වාස කල
ඔහු ගැන පමනකි...
ඔහු ගැන පමනකි...
එසේ එදා එය නොවුවා නම්
මා අද මෙතන නැත...
තවත් අනාථයෙකු
මෙලොව උපදින්නේද නැත.....
මෙලොව උපදින්නේද නැත.....
ඒත් එය එසේ සිදුවිය......
ඔබ මා
කසල ගොඩට දැමුවේ
කසල ගොඩට දැමුවේ
මන් දැයි අද මම දනිමි..
ඒ නුඹ
සම්මතයේ ප්‍රේමාන්විත මවක් වුවද
සම්මතයේ ප්‍රේමාන්විත මවක් වුවද
මේ කෲර සමාජයට
අසම්මතයේ ගැහැනියක්
වූ බැවිනි........
වූ බැවිනි........
ලිව්ව දේට මේ කතාව ගැලපෙනවද කියලා මම දන්නේ නෑ හිතුනු නිසා ලිව්වා.
Comments