Saturday, December 25, 2010

පටන් ගත්ත නේද උදේ පාන්දරම...




පටන් ගත්ත නේද උදේ පාන්දරම...


දෙතුන් සැරයක් දුන් දුරකථ ඇමතුම් වලින් පසු ගත් ඇමතුමේ දී ඈ එසේ කිවාය.

දවස පටන් ගන්නෙත් අඬා ගෙන රෑට නිදා ගන්නෙත් අඬා ගෙන ... තමුසෙට ඕන දැන් මගෙන් පළි ගන්න... මට මගේ පාඩුවෙ ඉන්න දීපන්..

ඈ කෑ මොර ගෑවාය. පසුව ඈ හඩා වැටුණෙමි. ඇගේ ඒ සිහින් කෙඳිරිය මා සිත තුළ සියූම් වේදනවක් ජනිත කළද මගේ හිතේ කැකෑරෙන තරහ ඒ සියල්ල යටපත් කරවීය වෙනදා මෙන් ඈ හඩා වැටෙන විට නළවන්නට මට සිතක් නොවී.. මා එතරමට ආත්මර්ථකාමි වී සිටියේය.

ආ මමද උඹේ ජිවිතේ කෑවේ.. මමද... අනේ මගෙ කට... නිකන් මෙතන බබා වෙන්න එපා ඕයි....

එසැනින් ඈ දුරකථන ඇමතුම විසන්ධි කර දැමුවාය. කිහිප වාරයක් නැවත් ඈහට ගන්නට උත්සහ කළමුත් ඉන් පලක් නොවීය.

සැබවින්ම අප සතුටින් සිටි කාලයක් පේන තෙක් මානයේ වත් නැත.මගෙ හිස මත බරක් තැබුවා සේය... කෙළවරක් නොමැති ප්‍රශ්න හමුවේ මා හෙම්බත් වී සිටියේය. දිනෙන් දින ප්‍රශ්න වැඩිවීමක් මිස අඩුවීමක් තිබුණේ නැත.. ඈ සෑමවිට කළේ මා එපා කී දේය. ඈ එසේ කරන්නෙ ඇයි දැයි මා නොදත්තේය. පෙර දින ගෙන ආ සිගරට්ටුවද තවමත් මාගේ මේසය මතය. වැඩක් කිරිමට සිත කිවද ඈ සමග කතා කරන තුරු වැඩක් නොකිරීමට මා සිතා ගත්තේය. එයින් සිදුවන්නෙ මාගේ කාලය කා දැමිමක් වුවත් මා එය කළේය. නැවත වරක් දුරකථනය අතට ගත්තේ ඇයට කතා කිරිමටය.

උදේට කන්න.. තරහින් ඉන්න එපා

ඇගෙන් කෙටි පණිවිඩයක් විය. ඇගේ සිත තුළ ඇති බැදීමට නැවත වරක් මාහට එවැනි පණිවිඩයක් එවුවද එම පණිවිඩය මා ගිනි පුපුරක් කිරීමට සමත් විය.

තමුසෙට මොකද ඕයි මම කෑවත් නැතත්...

මා පිළිතුරක් යැවුවෙමි.. ඉන් සෑහීමට පත් නොවු මා ඈ හට බැනීමට සිත් විය.. .නමුදු තරහ පාලනය කරගත්තේය. මෙහි අවසානයක් දැකීමට මට සිත් විය..මා නැවත් වරක් ඈ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළමුත් ඉන් පලක් නොවීය

මට ටිකක් කතා කරන්න ඕනේ.. මා කෙටි පණිවිඩයක් යැවීය.

ඇයි බනින්නද.. එසැනින් ඈ පිළිතුරක් එවීය.

මා නැවත්වරක් උත්සහ ක්ළෙමි. පලක් නොවීය.

මම අම්ම ගැන දිව්රලා කියන්නේ .. ෆෝන් එක ගන්න..

ඈ මුරණ්ඩුය හිතුවක්කාරය. මට ආදරේය. නැවත් වරක් කල උත්සහය අසාර්ථක නොවීය..

මේ අහන්න මොකක්ද මේ වැඩේ තේරුම.. රණ්ඩු වෙවී ඉන්න කොහොමද .. කිසිම සතුටක් නෑ.. ජිවිතේම කාලකන්ණි වෙලා.. මොකක්ද දෙයියනේ මෙකෙ තෙරුම..

ඔයාට ඔන මාව දා ළ යන්නනේ යනව ඉතින් ගිහින් මට වඩා හොද කෙනෙක් බැද ගන්න්වා.. ඈ තරහෙන් කිවාය.

මට වෙන ගෑනු ඔනෙ නෑ.. ඔය මෙතන මුකුත් කළේ නෑ වගේ කතා කරන්න එපා.. ප්ලීස්..

ඕකේ ඕකේ.. ඈ කතා කලේ ඔච්චමට මෙනි..

මේ අහන්න.. මට අද මේකේ ඉවරයක් දකින්න ඔනේ... ඔයා එක තීරණයක් ගන්න.. එක්කෝ ඉන්න මාත් එක්ක සතුටින් නැත්නම් යන්න.. දෙපැත්තටම නැතුව ඉදල මගේ ජිවිතේ කන්නෙ නැතුව...

දැන් මොකක්ද මට කරන්න කියන්නේ ඈ ඔලොක්කුවට මෙන් ඇසුවාය..

නැවත වරක් ඇගේ ක්‍රියා කලාපයට මගේ යක්ෂයා ආවේශ වුවත් ප්‍රශ්නයේ කෙළවරක් දකින්න්ට කැමති නිස මම නිහඩ වීමි..
ඔයා තිරණයක් ගන්න... මම කීවෙමි.. 

එතකොට ඔයට ලෙසියි නෙ කට ඇරල කියන්න මම නෙමේ බූට් එක තිව්වේ කෙල්ල කියලා..


සිනාසී ඈ තරහෙන් කිවාය.

දැන් ඔයාට එකද ප්‍රශ්නේ... හරි මම කිව්වොත් යනවද සදහටම මගේ ජිවිතෙන් ආයෙත් කවදාවත් නේන්නම...

ඇගෙන් පිළිතුරක් නැත..

ඇයි අපිට සතුටින් ඉන්න බැරි... ඇගේ හඬ බාල වී තිබුණාය.. පෙර තරම් ආවේගයක් හඩේ නොතිබුණු අතර දුකක් ඒ තුළ විය..

ඔයා දන්නවනෙ මට ඔයාව විශ්වාස නෑ.. ආදරේ විතරක් තිබුණට මදි විශ්වාසේ තියෙන්නත් ඕනේ .මේ දෙකෙන් එකක් හරි අඩු නම් එකට ඉන්න බෑ... තෙරුම් ගන්න පොඩ්ඩක්.. 


ඔයාට කැමති දෙයක් කරන්න මහත්තයෝ.. ඔයා ගෙදරටත් කියන්න මට ඔයාව බලෙන් තියා ගන්න බෑ.. මෙච්චර දවසක් බැණුම් අහ අහ හිටියේ මම ඔයට ආදරේ නිසා ඔයාව නැතුව බැරි නිසා.. ඒත් ඔයාට ඔය තරමට මාව එපා නම් මම තවත් ඉන්නේ නෑ.. මම මගේ අම්ම තාත්තටයි වැඩිය ඔයාට ආදරේ කළා.. අම්මයි තාත්තටයි ආදරේ කරන්න එයාලගෙ අගේ කියා දුන්නේ ඔයා.. මම ජිවිතේ දැක්කේ ඔයාගෙන්... ඔයා ළග ඉන්න මම හුගක් හීන මැව්ව .. ඒත් අද ඒ හීන ඔක්කොම නැතිවෙල ඉවරයි... මතකද මගේ හීන කියලා මම ඔයාට කොළයක් දුන්නා...


මීට මාස ගණනකට කලින් ඈ මට දුන් කොළ කැබැල්ලක් මතක් විය.. පුන්චි කෙල්ලෙකුගේ බොළඳ සිතිවිල්ලක් වුවත් එහි තිබුණේ ඈ මා වෙනුවෙන් තැබු හීන විය.. 
මේ අහන්න.. ඇගේ බිදුණු කට හඩ මා මතක ලොවෙන් පියවි ලොවට ගෙන අවාය. 


ඔයා සතු ටින් ඉන්න මම තවත් ඔයාට මුකුත් කියන්නෙ නෑ... කරදර කරන්නේ නෑ.. මම මගේ පාඩුවේ ඉන්නම්.. සත්තයි... මට තවත් ඔය එක්ක කත කරන්න බෑ.. මම තියනවා.. ඈ ඉකිගසමින් කීවාය
අස්වසා ලීමට මට සිත් වුවද කිසියම් සිතුවිල්ලක් මා නතර කළේය. ඕකේ.. මා කිවේ එපමණකි. 

වෙළවට කන්න, වැඩ කරන්න.. ලස්සනට ඉන්න.. මම තවත් ඔයට කරදර කරන්නෙ නෑ.. මම තියන්නම් බුදු සරණයි...

පොඩ්ඩක් ඉන්න ඈ දුරකථනය තැබීමට කලින් මා ඉක්මන් විය. 


බබා අම්මිට හුගක් අදරෙයි අම්මි... මා දැඩි ආයාසයෙන් කීවෙමි.. 


ඒක නිසාද මගෙ දෙයියෝ මාව දාල යන්නේ... ඈ මහ හඩින් හඬමින් ඇසුවාය.


මට වෙන කරන්න දෙයක් නෑ.. ප්ලීස් දැන් අති .. මම තියන්නම්.. බුදුසරණයි.. තියන්නම්..

ඇගේ හැඩීම මැද මා ඇමතුම විසන්ධි කළෙමි.නැවත වරක් ඈ හට ඇමතුමක් දෙන්නට සිත් වුවද මා එය කළෙ නැත . මා ආත්මර්ථ කමීයෙකු වුයෙමි. ඉන්පසු කිසි දිනකවත් ඇගෙන් මා හට කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් නොවීය. 

ජිවීතයේ තවත් එක කාලකන්ණි දවසක මතක අමතක කරන්නට මම මේසය මතවු දුම් වැටිය දලවා පපුව පිරෙන්න දුම් උගුරක් ඇද්දෙමි.

4 comments:

නිම්ශා said...

ඔහොම අයව දාලා යන එක හොදයි.. ඇත්තමයි.. ගැලපෙන් නැත්නම් වෙන් වෙන එක හොදයි තමා..ලස්සනයි

Anonymous said...

දාලා යන්න කියලා අවවාද දෙන්න නම් හුඟාක් ලේසියි..එත් ආදරයක් අමතක කරන්න පුලුවන් මොන හිතකින්ද..මෙතන තියෙන්නේ නොගැලපීමක්වත් ආදරයේ අඩුපාඩුවක්වත් නෙමෙයි කියලයි කතාවෙන් තේරුම් යන්නේ.. දුක හිතෙන කතාවක් ලස්සනට ලියලා..මේතරම් ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා කියලයි මම නම් ප්‍රාර්තනා කරන්නේ..කතාවක් තියෙනවනේ තමන් ආදරේ කරනවට වඩා තමන්ට ආදරේ කරන අයයි ජීවිතේට වැඩියෙන්ම වටිනේ කියලා

Anonymous said...

මගේ කථාව වගේ තමයි. වෙනසකට තියෙන්නේ කතාවේ අවසාන පේළි තුන මට අදාල නෑ. අපි ආයෙත් ආදරේ කරනව.. ආයෙත්, ආයෙත් දිගටම. අපිට වෙන් වෙන්න බෑ.

චතු said...

ලස්සනයි යාළු..එත් ගොඩක් දුක හිතෙනවා..ආදරේ අතරට අවිශ්වාසේ ආවාම ඒ ආදරේට ආයුශ ගොඩක් අඩුයි....