Skip to main content

නුඹ ලස්සනම ලස්සන හීනයක්....




හිමිදිරි පිණි සිසිලස විඳින්න බයයි මං. .
ඒ සිසිලසට අකමැති නිසා නෙමෙයි මම..
හිරු තව පායන්න පායන්න පිණි කැට වියැළෙන්න වියැළෙන්න,
දැනෙන දාහය සැර නිසා..
පිපුණු සේපාලිකා මල්වල සුවඳ සිඹින්න බයයි මං..
ඒ සුවඳ නොරුස්සන නිසා නෙමෙයි මට..
උදෑසන වෙනකම්වත් මල්වලට අතු අග ඉන්න
වාසනාව නැතිව පරවෙලා යන නිසා..
මගේ මිදුලෙට වැටුණ සඳ ඇහිඳින්න බයයි මං..
ඒ සඳ එළිය ඕන නැති නිසා නෙමෙයි මට..
පොකුණෙ තියෙන්නෙ ඡායාවක් නම්
පීනන්න නොදන්න මම ගිළෙන නිසා..
නුඹ මට කොච්චර තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න බයයි මං..
ඒ නුඹව නොපතන නිසා නෙමෙයි මම..
මගෙ හිතත් එක්ක හුඟක් කල් රණ්ඩුවෙලා
නුඹව ලස්සනම ලස්සන හීනයක් විදියට විතරක් දකින්න පුරුදු වුණ නිසා..

Comments

Anonymous said…
පිණි සිසිල නෙමේ මම
නුඹේ නෙතු පිය අතර
කඳුලු කැටයක් පමණි
දුක හිතුනු විටෙකදී විතරක්ම මතක් වෙන..

රෑ පිපෙන මලක් නොව
සුවඳ නැත පාට නැත
මම පුංචි ලිය වැලකි
වෙලෙන්නට නුඹ නැතිව මිය ඇදුන..

ලෝකෙටම එලිය දෙන
අහසෙ හඳ නෙමෙයි මම
නුඹ අඳුරෙ ගිලෙන විට
එලිය දී සනසවන පහනක්ය..

හැබෑවක් වුනත් මම මට
හීනයක් තමයි මම නුඹට
නින්දෙදි විතරක්ම මතක්වෙන....

-The Blue sky-
Unknown said…
හ්ම්..
ලස්සන පද පෙළක්..
ජයවේවා!!!
Dinesh said…
සොදුරු පද පෙලක්....
Anonymous said…
පිණි කැටය නුඹ මගේ
දාහයට ඉඩ නොදෙන
සිසිලයි මාවතම
නුඹ සමඟ ඇවිද යන...

සුවඳ මල පර නොවී
සදහටම සුවඳ දෙන
ඉමිහිරියි මොහොතකුදු
නුඹෙ සුවඳ දිග හැරෙන...

සඳයි නුඹ
සැබෑවට ජීවිතය බබළවන
සිත් අහස සිසාර
දිළි දිළිහී රැඳෙන...

සොඳුරු සිනිනයයි නුඹ
නෙත් අතර සැරිසරන
පතමි දිවි තුරාවට
මේ සුවය මගෙ වෙන්න...