Wednesday, October 19, 2011

තේරුමක් දන්නේ නැති කතාවක්....

මේ ගිළිහෙන කඳුළු බින්දු
ලෝබයි මට, මාව තව තවත් හිර කරන
නුඹ වෙනුවෙන් ඇදහැළෙන්න ඉඩ දෙන්න...
වචනෙකින් වත් නුඹව රිද්දන්න නොහිතෙන,
සමහරවිට හිතුනත්,
ඒව වචන වලට නගා ගන්න වත් ශක්තියක් නැති මම,
කොහොම නුඹට දනවන්නද මට රිදෙන තරම්..
හෙටත් සුපුරුදු බොරු හිනා මූණම පෙන්නන්
නුඹ ඉදිරියේ ඉන්නම්
තවමත් නුඹේ වචන විශ්වාස කරන්න
මගෙ හිත මට මොරදෙන නිසා...

6 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ඔන්න ඔහේ කියලා දාන්න...කවද වෙනකං ඔහොම ඉන්නද....

Anonymous said...

ඔය ගිලිහෙන කඳුලු බිංදු
මං දන්නේ නැතුව නෙමෙයි
ඒත් ලඟින් හිඳන් නුඹේ
හිත හදන්න පිං නැති මං..
තනිවම ගුලිවී තනිකම
තුරුලු කරන් හඬන තරම්..
නුඹ දන්නවනම් ඒ ගැන
දුව විත් මා තුරුලට ගෙන
හිත සනසන සිප නලවන
මියුරු සොඳුරු හීන ලොවක්
හැම රෑකම දකිනව මං...

Raj said...

ඉගිලෙන්ට අරාඳින දේවල් හිරකරන් ඉන්ට හදන්ටෙපා මලේ...එවට යන්ට දීපං...නැතිනම් උඹට විඳවන්ට වෙයි...

හිතුවක්කාරි said...

ම්ම්ම්ම්ම්ම්ම්.. ලස්සනයි.. සංවේදී විදියට ගලාගෙන යන පද වැල් ටිකක්..

දිල් said...

ලඟ රඳවගන්න බැරි නම් මොනතරම් ආදරේ උනත් මොකටද...

Dinesh said...

සිතුවිළි වලට ඉගිලෙන්න දෙන්න.. එතකොට හිත නිදහස් වේවි...