Skip to main content

Posts

ඇයි අරයා එයාවම බැන්දේ..

ඔන්න මම පුංචි කතාවක් කියන්න යන්නේ...කට්ටිය අහගන්න ඕනි.. මේ කතාව මට ලියන්න සිත් වුනේ අපේ ඥාති අයිය කෙනෙක් නිසා. අපේ ඥාති අයියට උපහාර පිනිස තමයි මේ කතාව ලියන්නේ.. ඒ අයියට වුනු දේ පස්සේ කියන්නම්.. ඉස්සෙල්ල කතාව අහ ගන්නකෝ... ඔන්න තරුන කඩවසම කොල්ලෙක් හිටියා අපේ ඥාති අයියා වගේ.... කඩවසම් උනාට මුට තාම කෙල්ලෙක් නෑ.. ඒ උනාට අපේ එකාට නම් හිත ගිය තැන මාලිගා... ඒත් ඉතින් කල වයස හරි යාගෙන එනකොට ගෙදරින් කෑ ගහන්න ගත්තා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා.. ඉතින් අම්මලා තාත්තලාගෙ හිත් සතුටු කරන්න ඕනි නිසා අම්මාලටම කිව්ව මෙයාට සහකාරියක් හොයල දෙන්න කියලා.. අන්තිමටම අම්මලා හොද යොජනා තුනක් ගෙනාවා.. ඔන්න ඉතින් හා හා පුරා කියලා පලවෙනි යොජනාව බලන්න ගියා ඒ ගෑනු ලමයා රජයේ ලිපිකාරිනියක්.. රුපෙත් හොදයි.. ගොඩින්ද මඩින්ද කිසිම අඩුවක් නෑ.. ඒත් මිනිහා නෙමෙයි කැමති උනේ.. අම්මලට පුදුමයි.. ඒත් පුතන්ඩියාගේ කැමත්ත නිසා ඒ යොජනාව අත් ඇරලා දැම්ම.. ඊට පස්සේ දෙවනි යොජනාවට ගියා.. ඒ ගෑනු දරුවා නම් ඉටි රුපේ වගේ... හරි ලස්සනයි.. ගති ගුනත් හොදයි වගේ.. ඒ කෙල්ල හෙදියක්.. එත් මේකටත් කලින් බණේම තමයි මේකටත් කැමති උනේ නෑ.. අම්මල බැන බැන...

නුඹයි මමයි....

ජීවිතේ ලස්සනයිඒ නුඹ මගේ හින්දා.. කවදාවත් මගේ වෙයි නොහිතා බලා ගෙන හිටි හැටි මට තාමත් මතකයි.. මා ඉස්සරහම වෙනකෙකුට අයිති වෙයි කියලා දුකින් පෙම් බැන්ද නුඹ මගේමයි මගෙ විතරමයි කියලා මගෙ හිතට දැනෙනකොට.. නුඹෙ තුරුලෙ ගුලි වෙලා වරුවක්ම අඬන්න මට හිතුනා.. ඒ හිතේ පිරුනු නිමක් නැති සතුටට.... දන්නවද නුඹ ඉරක් වගේ නුඹ නුඹේ එලියෙන්ම බබලනවා.. මම හඳක් වගේ ඒ නුඹේ එලියෙන් මම බබලන හින්දා.. මගේ ජීවිතේ එලිය කරන නුඹට මම කොයි තරම්නම් ආදරේද .. මගේ ලොකයේ වටිනාම වස්තුව.. හිත ඇතුලේ පරිස්සමට තියාගෙන පන වගේ රකින නුඹේ ආදරය .. මාව ජීවත් කරවන උනුහුම වෙලා... මම නුඹට හුඟාක් ආදරෙයි...

ආයෙත් කෝල් කලා.... (ආයෙත් කෝල් කරාවිද..? නොහොත් දුරකථන ප්‍රේමය II)

අනේ එදා දවස කොහොම ගෙවුනද ... මට තාම හිතා ගන්න බෑ..හරියට මම පාවෙනවා වගේ... කවදා හිතුව දෙවල්ද මේ වෙන්නේ... වෙලාව යන්නේ නෑ වගේ.. කොහොම හරි ඉතින් ඊළග කෝල් එනකන් බලන් ඉදපු ඉඳිල්ලක්... දෑස රිදෙනව පාර බලන් ඉඳලා නෙමෙයි..මෙහෙම බලන් ඉදලා... අනේ අම්මෙ කවද කාපු ටකරන්ද?... ටකරන් කෑවත් මොකෝ දිරවනවා නම්.. එහෙම හිතලා මත් බලන් හිටියා.. අද මෙච්චර දිග දවස වෙනදට කොච්චර කොටද?...දවස එච්චර දිගද කියලා මට හිතුනේ එදා.. .. කොහොම වුනත් එද රෑ වෙනකන් බලන් හිටියා.. තාම නෑනෙ.. බොඩිමේ කස්ටිය (මගේ අතිජාත මිත්‍ර සේනාව මට කින්ඩිත් දානවා...) මොකද අපේ එවුන්ගේ කටවල් හරි ෂෝක්.. හරියට කැඩිච්ච ලැට් කටවල් වගේ.. ඒවුනාට උන් තමයි ඉතින් මොනදේටත් මගේ හයියට ඉන්නේ.. ඇත්තටම මට පිස්සුද... ඒ කෙල්ල මට මොනවද කිව්වේ මොනවද ඇහුවේ... මුකුත් නෑ... අඩුම තරමින් කැම්පස් එක ගැනවත් හරි කැම්පස් එක පැත්තකින් තියමු මට කොහොමද කියලාවත් ඇහුවද? නෑ.. "උඹ අහුවෙලා පුතා.. උඹ ලනුව කාලා... පව් අහිංසකයා...ඒකි උඹට කැමති නෑ බං.. උඹත් ඊයේ කිව්වේ අර කියන්න ඔන දෙවල්ද.. වික්ටොරියා වේල්ල ඇරියා වගේ ඔක්කොම කිව්වා.. පලවෙනි දවසෙම ඔව කියන සිරිතක තියනවද ගස් ගෙම්බෝ....

අතීතය

අවරගිර නුබ ගැබේ ඉර හැංගිලා ගිහින්... අන්ධකාර අහස යට මම හිතුවා වහීවි කියලා.. ඒත් නෑ... අකුනුත් විදුලියත් විතරයි... අරලිය තුරු පාමුල සුදු මල් ඉහිරිලා ගිහින්.... ලස්සන සුවඳ මැකිලා කවුරු හරි කඩලා දාලා වෙන්න ඇති.. ඒත් නෑ.... ඒ මල් පරවෙලා ගිහින්... මේ පාලු හන්දෑවෙ සීතල ඉහිලුම් නෑ... හදවත ගල් ගැහෙන තරම්... ජීවිතේටත් වඩා මම ආදරේ කල නුඹ මට අහිමි වෙද්දි.. මගේ හුදකලා ආදරය මතක් වෙලා මම හිතුවා මට ඇඬේවි කියලා.. ඒත් නැහැ.... අඬලම දෙනෙත් නිරුදක වෙලා... කඳුලු වෙනුවට ඇස් වලින් ගැලුවෙ හිත හීරිලා වැටුනු ලේ බිඳු විතරමයි... අහිමි නුඹ ගැනම හිතලා මුලු ආත්මයම ගිලන් වෙලා මම විපිලිසරව බලා උන්නා මම හිතුවා මම මැරෙයි කියලා.. ඒත් නැහැ... මැරි මැරි ජීවත් වෙනවා විතරයි..... ජීවිතේ හුඟාක් දේවල් වෙනස් වෙලා..කාලෙකට කලින් හීනයක් වෙලා තිබුන ආදරේ හැබෑවක් වෙලා මගේ ජීවිතේම අලුත් කරලා..ඒ ආදරේ හීනයක් විතරක් වෙලා ලෝකෙටම හොරෙන් ව්ඳවද්දි හිතේ දුක නැති කරගන්න ලියපු කවියක් මේක....මට ලස්සනයි කියල හිතුනු නිසා දාන්න හිතුනා....

ඇය නමින්...

මෙ ලිපිය මගේ නෙත් ගැටුනේ අහම්බයකින් නම් නෙමෙයි... හැමදාමත් මම ආසාවෙන් කියවන එක තීරු ලිපියක් තමයි "එක් හැන්දැවක්" කියන්නේ... මේ තිරු ලිපිය ලියන්නේ රසික ජයකොඩි කියලා තරුණ මාධ්‍ය වේදියෙක්...ඔහු ලියන ඒ තිරුලිපි පෙල හදවතට හුගාක් සමීපයි..සරලව කිව්වොත් ඒ ලිපි කියවද්දි හුගාක් දැනෙනව.. අද මම ඔහුගේ එක ලිපියක් තොරා ගත්තා.. ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි 2010/02/21 රිවි සරසි පත්තරේ පල වුනු මේ ලිපිය මට හුගාක් සමීපයි වගේ මගේ හිතට හුගාක් දැනුනු නිසා..ඇය නමින් මාගේ ආදරනීය ගෘෂා නමින් මේ සටහන ලියන්න හිතුනු නිසා... (කියවන්න අමාරු නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න) හෙන්රි ජයසේනයන්ට වගේ මටත් මනමේ කුමරියක් හිටියා.. පෙම් බැන්දා... ඒත් ඒ අදරය චංචලයි වෙනස්වෙනවා කියලා මට දනුනා...ආදරය වෙනස් වෙන හැටි මම වින්දා... ඒත්.... ගෘෂා ගේ ආදරය වගේ කවදාවත් වෙනස් වුනේ නෑ ඇගේ ආදරයත්... චංචල ආදරයේ වේදනාව අමතක කර වන්න ඒ ආදරණීය ගෘෂාට පුලුවන් වුනේ ඒ ආදරය හුගාක් නිර්මල නිසයි.. "ඒ ආදරය විසල් අහසක් තරමට අචලයි.. ගිරි සිරසක් තරමට නිසලයි...." හිතේ තිබුනට ලියා ගන්න ඕන දේ ලියවෙන්නේ නෑ.. ඇයි කියලා මම දන්නේත් නෑ.. ඒත්..... කොච්චර ...

ආයෙත් කෝල් කරාවිද..?නොහොත් දුරකතන ප්‍රේමය

දැන් නම් ඉතින් ඉවසුව හොදටම ඇති..... ඕන මගුලක් වෙන්න කියලා මම ෆෝන් එක ගත්තා... හිතේ තාමත් දෙගිඩියාව.... කමක් නෑ.. අද කතා කරනවා මයි...හැමදාම කියල මෙහෙම විදවන්න පුලුවන්ද? එත් බයයි... "හැගීම් වලට වහල් වෙන්න එපා පුතේ..." එක සැරයක් අම්මා කිව්ව මතකයි මට... එත් කමක් නෑ..අද කෝල් කරනවා මයි... අංකය ඩයල් කලා... ෆෝන් එකේ රින්ග්ස් යනවා... මොනවා අහන්නද හෙලෝ කිව්වම?මටත් පිස්සු.. මොනවා හරි අහනවා... "හෙලෝ" එහා පැත්තෙන් ඇහුනා.. හරිම ස්වීට් කට හඩක්... ආයෙත් සැරයක් හෙලෝ කිව්වා...තවත් සැරයක් නම් හෙලෝ නෑ කට් ම තමා.... "නෙත්මි ඉන්නවද" මම ඇහුවා... එත් මම දන්න නෙත්මි කෙනෙක් නෑ... මොනව හරි අහන්න එපැයි... "නෑ... ඔය නුවර නෙමෙයිද... නෑ" හැමදේටම නෑ.. ඉතින් මමත් අහන්නෙ බොරුනෙ.. "සොරි වැරදීමක්" මම ෆෝන් එක තිව්වා... "ඇයි බන් උඹ නෙත්මි කෙනෙක් ගැන ඇහුවේ..." මම මගෙන්ම අහගත්තා... ඒත් ඉතින් වෙන මොනවා කියලා අහන්නද?... කමක් නෑ කට හඬවත් අහගත්තනේ... ඊලඟ දවසේ දවල් දොලහට විතර කෝල් එකක් ඇවිත්.. අර අංකෙන්... කරුමෙක මහත කියන්නෙ ම...

මම හරිද වැරදිද?

සමහරු කියයි මම වැරදි කියල...... උඹ කල දේ තමයි හරි තව අය කියයි..... ලග හිටපු එවුන් මාව දාල යයි.... දොස් කියයි මට බනියි...... ඒත් හැමදාමත් වගේ සමහරු මම ලඟ ඉඳියි... මාව සනසාවි මම හරිද වැරදිද? කාලයක් මටත් ඕක ගැටලුවක් ඒත්.. ඒක ගැන හරියටම දන්නේ එක්කෙනයි.... ඒ මගේ හෘද සාක්ෂිය විතරයි... දවසක හෘද සාක්ෂිය කතා කලොත් කියයි මම හරිද වැරදිද කියලා............ එතකන් හුගක් අය හුගක් කතා කියයි ඒත් හැමදේම දැනගත් දවසට හැමොම මාව තේරුම් ගනියි...... එතකන් මම බලන් ඉදියි.......