Skip to main content

Posts

මායාකාර බොරුකාරී.....

කියමින් දහසක් චාටු බස් රගමින් මරගන රැගුම් අන්දවමින් ගොන් වෙස් ගෙන ගිය ඔහුව සිහින කන්දට මවා පාමින් බොරු ප්‍රශ්න ඉතිරි කරමින් ලොකු දුකක් රවටමින් ඔහු සිතම කරයි සියල්ල තමාට රිසි සේ නොදැනෙයි කිසි දුකක් නොසිතයි කිසි කෙනෙකු ගැන කරයි තම සියලු වැඩ තමාගේ යහපත තකා විටෙක කඳුළක් , විටෙක සතුටක් ඇත ඇගේ මුහුණ තුළ වටහ ගනු නොහැක ඔහු හට ඇගේ මේ දිවි පෙවෙත හඬමින් හා වැල පෙමින් ගෙවයි ඔහු තම දිවිය තේරුමක් නොනැති බව වටහා ගත්තා මේ බැදීම තුළ රැවටුණ ඔහු ඇය හටම ඇගේ බොරු වැඩ වලට කල මෝඩ කම් ගැන පසු තැවෙයි හැම දිනේම පමාවී නොමැති බව වටහා ගත් පසු ඔහුම ගත් තීරණය නිසා වෙනස් වුණා ඔහු දිවිය දුකක් වුවද වෙන්වීම හැර ගියා ඔහු ඇයව තනි කර දමා බොරු තුළ ඇයව ඔහු ගියා ඔහුගේ විජිතය ... දකිනා විට ඇයව දැනෙයි සිතට දුකක් සදා ගනි ඔහු තම සිත තම අනාගතය ගැන සිතා දනිමි ඔහු එක් දෙයක් දිනිය හැකි බව ජීවිතය කරයි අරගල දිනෙන් දින දිනන්නට ජිවිතය ....

වසන්තයේ කතාවක්....... II

වසන්තය ඉවර උණා... පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා... හීන පිපෙන වසන්තයේදි නාවට, ඉරි තැලුණු ගිම්හානයේදි වැටෙන වැහි බින්දුවක වගේ ඒකි එයි කියලා ඌ බලන් හිටියා හුගාක් ආදරයෙන් ආසාවෙන් හිරිමල් තාරුණ්‍යයේ හිතට දැනෙන ඒ ආදරණීය හැගීම යටපත් කරගෙන ඒකිගේ ප්‍රශ්නෙට උත්තර හෙව්ව ඒකි ඒවි කියල හිතාගෙන.... අනෝරා වැහි ඇද වෙටෙද්දීත් චන්ඩ හිරු දාහයෙන් සියොලගම දවා හලුකර යද්දීත් අකම්පිතව ඒ සියල්ල විද දරා ගන්න ඌට පුලුවන් උනේ උගේ හිතේ ඒකි ගැන තිබුනු සුපෙම්බර හැගීම නිසා... ඒකි මේ කිසිම දෙයක් දැනන් හිටියද... ඌ දන්නේ නෑ ඇතමෙක් උත්සහ කරද්දීත් ලංවන්නට උගේ හිතට ඌ ජිවත් උනේ එකම එක ආදරනීය හැගීමක් සිතේ තියා ගෙන... ලං වෙන්නට බැරිඋනාට ඈත දුරක ඉදන් ඒ පුපුරන ඇස් වලට පෙම් කල තරම දන්නේ ඌ විතරයි... ඒකිට මේ කිසිම දෙයක් ගැන හැගීමක් තිබුනද.. ඌ ගැන හිතුවද... ඌ දැනන හිටියේ නෑ... ටිකෙන් ටික උත්තරේට ලංවුනා... පරවෙලා ගිය සතුටු මල් නැවත දලු දැම්මා... ඒත්.. කාලෙත් එක්ක සමහර එවුන් එක එක කතා කිව්වා.. උන් ගැන... ඒකි ගැන.. වටේ එවුන් කියන දේ පිලි ගන්න ඌ කැමති උනේ නෑ.. රන්ඩු කලා හිතත් එක්ක.. භාගේට හොයපු උත්තරෙත් අරගෙන ඌ ගියා ඒකි ඉන්න ඉසව්ව...

එපා වීම , එපා කර වීම හා අවසන මරා දැමීම.....

නුඹලා මට එපා විය... මා විසින් නුඹට මා එපාකරවීය.. නුඹට මා එපාකර වුයේ තවත් රිදවිය නොහැකි නිසාය... නෙතේ කඳුලු දැකිය නොහැකි නිසාය... නුඹලා මට එපා වුයේ නුඹලා කල කී දෑ නිසාය... කෙනෙකුගේ ආත්මය මරා දැමු නිසාය... නුඹත් නුඹලාත් මා ලඟට ගත්තා වැඩිය... ආදරේ කලා වැඩිය.. ඉවසුවා වැඩිය... එතරම් රිදුනේ ඒ නිසාය.. සිතුවේ එක් දෙයකි...නමුදු සිදුවුයේ නොසිතු දෙයකි... කල දෙයක් නොමැති තැන මා විසින් නුඹත් නුඹලාත් එලවා දැමුවෙහිය.. ඒ මටද නුඹටත් නුඹලාටත් විඳවන්න නොහැකි නිසාය.. නුඹලා නොවිදෙව්වාට මගේ ආත්මය හා නුඹත් ඒ දුක විදෙව්වෙහිය... නමුදු නුඹ නොමැති තැන තනිවු මාගේ ආත්මය නුඹලා විසින් අමු අමුවේ මරා දැමුවෙහිය... සැබවින්ම මට නුඹ ගැන දුකය... නුඹලා ගැන හිතන විට මට මං ගැන දුකය... තව දිනකින් නැවත මා නුඹත් නුඹලාත් සමග දොඩමලුවනු ඇත ... සිනා සෙනු ඇත... නුඹ කෙසේ වෙතත් නුඹලාද කිසිවක් නොවු අයුරින් මා සමග සිටිනු ඇත... දොඩමලුවනු ඇත ... සිනා සෙනු ඇත... නමුදු එදිනට නුඹ හෝ නුඹලා අසල සිටින්නේ පෙර සිටි මා නොවන බව නුඹලාට වැටහෙනු ඇත... මන්දයත් නුඹලා විසින්ම මරා දැමු පෙර සිටි මාගේ ආත්මයට නැවත පණ දිය නොහැකි නිසාවෙනි.......

කඳුලු බිඳුව නොහොත් අවසන් කව.....

ලසොවින් බර නුවන් අගින් දඟකාර ලෙස ගලනා කඳුලු බිඳුවේ... නුඹවත් කියාපන් මට... "ජීවිතය නම් කිමැයි කියා" මගේ සුසුමට පණ පොවන මගේ තනියට තනි මකන දගකාර ලෙස ගලනා කඳුලු බිඳුවේ....... ජීවිතය නම් වු වන්නි වනාන්තරයේ තනිවු මොහොතක නුඹම නොවෙද රූරා වැටුනේ මගේ දෙකොපුලට.... හෙමිහිට කණට කොඳුරා කී ඒ රහස දිරියක් වුනා යන්නට ඉදිරියට... දගකාර ලෙස ගලනා කඳුලු බිඳුවේ.... නුඹවත් කියාපන් මට ජිවිතය හමුවේ මා තනිවී නොමැති බව.... රෑ සීත යාමයේ ඔච්චමට හිනාවෙන තරුකැට අතර... හිත පාරාගෙන මා අතරමං වු බව නුඹට හැඟුනාද.... හද කොනෙක නුඹ සිටි නිසාම දෙනෙතින් ගලා විත් මා සිප ගත් නුඹ හැමදාම මා ලගින් ඉන්නවා නේද... කියාපන් මට.... නුඹ මා හදවතේම රදවා ගන්නවා මිස කුමක් කරම්ද... මගේම දයාබර කදුලු බිඳුවේ කියාපන් මට....

නොගැයු කවිය නුඹ.....

තුන් සිතම සතපවන ගීතයේ පද අතර එකම එක තනුව වී මා නැලවුනු කලෙක අස්වැසිල්ලක් වූ සබඳ, නැත මා අබියස...... අරුත් බර පද අතර මිමිනු සුමුදු ජිවිතය පදරුත් සුන් වු විලස තනිව වැලපෙයි නිබඳ..... හැඩ වැඩ දමා වත්තම් කර ගත්කවි පද ගයන්නට මොහොතකට පෙර උදුරා ගත් නිසාම නොගැයු ඒ ගීතයම සිහිනයක් වුනා මට හැමදාම....

ඔබ කවුරුන්ද?

ඔබ කවුරුන්ද? වටහා ගත නොහැක මට..... රෑ පුරා නිදි මරා ඔබ ගැනම සිතුමුත් වටහා ගත නොහැක මට..... නෙතු අද්දර දඟ කරන ඔබේ රුව විටක සිත පෙලන හැටි විටක සිත නිවන හැටි අරුමයකි වටහා ගත නොහැක මට... කියා දුන මැනවි ඔබ කවුරුන්ද?

සිනාසෙන්න (නො )හැකිද මට.......

පෙනෙන දුර ඈත සිත ඔහේ වල්මත්ව සැරිසරන විට සිනාසෙන්න නොහැක මට.... එක තැන රඳවා ගත නොහැකිවු නියාවෙන් දෙනුවන් තෙමන විට සිනාසෙන්න නොහැක මට..... ලතැවුල් පිරි ලොවක සැම විටම අතරමං කරන විට සිනා සෙන්න නොහැක මට.... සැසදිල නොමැති ජිවිතය උමතුවෙන් යන විට සිනා සෙන්න නොහැක මට..... මෙතුවක් කාලයක් නුඹ මා අසරණ කල තරමට අනාගතයදී වත් සිනා සෙන්න (නො )හැකිද මට.......