Friday, June 25, 2010

සිනාසෙන්න (නො )හැකිද මට.......


පෙනෙන දුර ඈත
සිත ඔහේ වල්මත්ව
සැරිසරන විට
සිනාසෙන්න නොහැක මට....
එක තැන රඳවා
ගත නොහැකිවු නියාවෙන්
දෙනුවන් තෙමන විට
සිනාසෙන්න නොහැක මට.....
ලතැවුල් පිරි ලොවක
සැම විටම අතරමං
කරන විට
සිනා සෙන්න නොහැක මට....
සැසදිල නොමැති
ජිවිතය උමතුවෙන්
යන විට
සිනා සෙන්න නොහැක මට.....
මෙතුවක් කාලයක්
නුඹ මා අසරණ කල තරමට
අනාගතයදී වත්
සිනා සෙන්න (නො )හැකිද මට.......

8 comments:

Anjala said...

හිතුමතේ ඔහේ සැරිසරන...
නුඹේ සුසුම් මගේ සුසුම් හා එක්ව
පවන් සලන දිනක් කවදා හෝ උදාවුන දාට
එදාට ලියන්නම් මගේ කවිය...
සිනා පිරුණු කදුලු වලින්

ලස්සන නිර්මාණයක් සහෝ :)

isimbuwa said...

ඔන්න මගේ සුබ පැතුමත් එකතු කරගන්න.

ක්‍රිශාන් said...

@Anjala
නුඹේ සුසුමන් මගේ සුසුමන් හා බැදෙන
දිනක් ඒවි නුදුරේදීම
බලා සිටිමි ඒ දින එන තුරු
කදුලු පිසදා සිනහ වීලා
එකව ගයන්නට එක්ව ලියන්නට
නුඹේ කව......

ස්තුතියි හුගාක්....

ක්‍රිශාන් said...

@isimbuwa
හුගාක් ස්තුතියි...!

Amaya said...

ජීවිතයට සිසිලස දෙන
නුඹ මං ලඟ නැති වුනාම
ඉඩෝරයේ රලු පරලුව
වියලී ගිය කතරක් සේ
නුඹ නැති මේ ජීවිතයම
ඉරි තැලිලා ගියාවේ...

ලඟින් ඉඳන් හුරතල් වෙන
නුඹ මං ලඟ නැති වුනාම
ලොවම පතන සැනසුම් සුව
සතුටු සිනහා සිතිවිලි බිඳි
හිරු දුටු පිනි වියලෙන සේ
මගෙන් දුරුව ගියාවේ...

නුඹ නැති කල මගේ ලොවට
සිනහා මල් දම් කුමටද
කඳුලු එක්ක නුඹ විතරක්
මට ඇති මගෙ ආදරේ....

නිපු said...

ලස්සනයි..

ක්‍රිශාන් said...

@Amayaලස්සනයි... හුගාක් ලස්සනට ලියල තියනවා අමායා ඔයා.. කාලෙකින් මේ පැත්තේ ඇවිත්.... ස්තුතියි කමෙන්ටුවට

ක්‍රිශාන් said...

@නිපු

ස්තුතියි නිපු..