Skip to main content

Posts

පලමු කව නුඹ හට ලියු.....

නුඹේ සිත ලඟ නැවතෙමින්... නුඹේ ලඟ මම හිනහෙමින්.... නුඹේ ආදරේ විඳගමින්.... හිඳින්නම් පෙම් දම් පුරමින්... සිතේ පූදින හැම හැඟුම් නුඹත් එක්කම විඳගමින්... තවත් නුඹ හට ලං වෙමින්... නුඹේ පෙම මම රැක ගනිම්.....

නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට...

සිනාසුනත්, කතා කළත් අපි, දැනෙනවා අසම්පූර්ණ හැඟුමක් නුඹද නොපවසන මමද නොහඟවන කවදා කෙළෙසින් දකිමුද නිමාවක් බලාපොරොත්තුවෙහි......? නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට හැකිනම් නොසිතන්න නුඹ ගැන.... කිම නොහැකි සිත ගන්න නුඹෙන් ඉවතට... සැනසුමක් අඩුම තරමින් හැකියි නුඹට මගෙ හිත කියවන්න ඉඩ නොදෙන්න..

තේරුමක් දන්නේ නැති කතාවක්....

මේ ගිළිහෙන කඳුළු බින්දු ලෝබයි මට, මාව තව තවත් හිර කරන නුඹ වෙනුවෙන් ඇදහැළෙන්න ඉඩ දෙන්න... වචනෙකින් වත් නුඹව රිද්දන්න නොහිතෙන, සමහරවිට හිතුනත්, ඒව වචන වලට නගා ගන්න වත් ශක්තියක් නැති මම, කොහොම නුඹට දනවන්නද මට රිදෙන තරම්.. හෙටත් සුපුරුදු බොරු හිනා මූණම පෙන්නන් නුඹ ඉදිරියේ ඉන්නම් තවමත් නුඹේ වචන විශ්වාස කරන්න මගෙ හිත මට මොරදෙන නිසා...

නුඹ ලස්සනම ලස්සන හීනයක්....

හිමිදිරි පිණි සිසිලස විඳින්න බයයි මං. . ඒ සිසිලසට අකමැති නිසා නෙමෙයි මම.. හිරු තව පායන්න පායන්න පිණි කැට වියැළෙන්න වියැළෙන්න, දැනෙන දාහය සැර නිසා.. පිපුණු සේපාලිකා මල්වල සුවඳ සිඹින්න බයයි මං.. ඒ සුවඳ නොරුස්සන නිසා නෙමෙයි මට.. උදෑසන වෙනකම්වත් මල්වලට අතු අග ඉන්න වාසනාව නැතිව පරවෙලා යන නිසා.. මගේ මිදුලෙට වැටුණ සඳ ඇහිඳින්න බයයි මං.. ඒ සඳ එළිය ඕන නැති නිසා නෙමෙයි මට.. පොකුණෙ තියෙන්නෙ ඡායාවක් නම් පීනන්න නොදන්න මම ගිළෙන නිසා.. නුඹ මට කොච්චර තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න බයයි මං.. ඒ නුඹව නොපතන නිසා නෙමෙයි මම.. මගෙ හිතත් එක්ක හුඟක් කල් රණ්ඩුවෙලා නුඹව ලස්සනම ලස්සන හීනයක් විදියට විතරක් දකින්න පුරුදු වුණ නිසා..

අන්න එදාට තමයි.......

ඉර නොපෑව්වත් සඳ නොබැබළුණත් තරුකඩා නොවැටුණත් ලොකේ නැති වුණත් කල්පයක් ගියත් කවුරු මොනව කිව්වත් එක එක ජාතියේ කෙල්ලෝ හිටියත් උන් මගේ කරේ එල්ලෙන්න හැදුවත් මං උන්ට (අ )කැමැති නැතිවුණත් වුණත් ඔයා මට කොච්චර බැන්නත් මගේ තෑගි විසි කරලා දැම්මත්.. මගේ Call, Answer නොකළත් චුට්ටක්වත් මට ආදරේ නැති වුණත් ඒක ලෝකෙට පෙන්න කෑගහල කිව්වත් මං ඔයාට හුගාක් Love.... ඔයා දන්නේ නැති වුණත් ඒත්... වෙන එකෙක් එක්ක යාළුවෙලා ඌත් එක්ක ජෝඩු දාල මට පෙන්න ගිහින් අන්තිමේදි ඌව කසාද බැදලා ළමයි දෙතුන් දෙනෙක් හදා ගෙන උන් මට මාමා කිව්වොත් අන්න එදාට තමයි.......

උඹව මට බරක් නෙමේ මගේ පුතේ.....

ජීවිතේ මටත් හීන තිබුණා මාත් හීන මැව්වා ඒ උඹේ අම්මත් එක්ක...... පුංචි කුඩුවක් හැදුවා ලස්සනට හිටියා ඒ උඹේ අම්මත් එක්ක...... මම චිත්‍රකාරයෙක් මහා ලොකු සල්ලි නොතිබුණාට උඹේ අම්මව සතුටින් තිව්වා එත්.. එකිට තිබ්බේ මගේ වගේ පුංචි පුංචි හීන නෙමෙයි එකිට උඹව හොඳ මදි වුණා මාව හොඳ මදි වුණා මගේ හිතේ හීන මැව්ව උඹේ අම්මා ඒ හීන ඔක්කොම හීන මගේ ඉස්සරහම බොද කරල දැම්මේ උඹ ගැනවත් නොහිතා උඹේ වරදක් නෑ මගේ පුතේ... හිනාවෙයන් හයියෙන් හිනා වෙයන් උඹේ අම්මට ඇහෙන්න එකිට දුක හිතෙන්න හිනාවෙයන් පුතේ ...... උඹේ ඔය හිනාව එකිගේ ඇහැට කඳුළක් වේවි.. මොනව වුණත් ඒ උඹේ අම්මා... එකිට බරක් වුණාට මට උඹව බරක් නෙමේ මගේ පුතේ.....

කඳුලු එක්ක නුඹ විතරක් මට ඇති මගෙ ආදරේ..

ජීවිතයට සිසිලස දෙන නුඹ මං ලඟ නැති වුනාම ඉඩෝරයේ රලු පරලුව  වියලී ගිය කතරක් සේ  නුඹ නැති මේ ජීවිතයම  ඉරි තැලිලා ගියාවේ...  ලඟින් ඉඳන් හුරතල් වෙන  නුඹ මං ලඟ නැති වුනාම  ලොවම පතන සැනසුම් සුව  සතුටු සිනහා සිතිවිලි බිඳි  හිරු දුටු පිනි වියලෙන සේ  මගෙන් දුරුව ගියාවේ...  නුඹ නැති කල මගේ ලොවට සිනහා මල් දම් කුමටද කඳුලු එක්ක නුඹ විතරක් මට ඇති මගෙ ආදරේ..