Skip to main content

Posts

මම හරිද වැරදිද?

සමහරු කියයි මම වැරදි කියල...... උඹ කල දේ තමයි හරි තව අය කියයි..... ලග හිටපු එවුන් මාව දාල යයි.... දොස් කියයි මට බනියි...... ඒත් හැමදාමත් වගේ සමහරු මම ලඟ ඉඳියි... මාව සනසාවි මම හරිද වැරදිද? කාලයක් මටත් ඕක ගැටලුවක් ඒත්.. ඒක ගැන හරියටම දන්නේ එක්කෙනයි.... ඒ මගේ හෘද සාක්ෂිය විතරයි... දවසක හෘද සාක්ෂිය කතා කලොත් කියයි මම හරිද වැරදිද කියලා............ එතකන් හුගක් අය හුගක් කතා කියයි ඒත් හැමදේම දැනගත් දවසට හැමොම මාව තේරුම් ගනියි...... එතකන් මම බලන් ඉදියි.......

වසන්තයේ කතාවක්.......

ගිම්හානය ඉවර වෙලා වස්සානය අවේ ඉක්මනට වගේ....... කර්කශව ඉරි තැලී ගිය උගේ ජිවිතේ මේ වස් සා නෙත් එක්ක වෙනස් වෙයි කියලා ඌ හිතුවා..... ඉඩෝර බිම නිවාලන පිනි පොද වැස්සක් වගේ ඒ සුන්දර වස්සානෙදි ඒකි ආවා ඌ ඉන්න ඉසව්වට..... එත් ඒ ඌ හොයාගෙන නෙමෙයි... ඒකිගේ අනාගතේ වෙනුවෙන්... ඒකි ආපු දවස් වල ඒකි ඒකිගේ පාඩුවේ හිටියා ඌ උගේ පාඩුවේ හිටියා.... එත් කාලෙ මේ හැමදෙම වෙනස් කලා.... ටික දවසක් යද්දි ඌට එකි ගැන ටික ටික හිතෙන්න ගත්ත... ඌ හිතත් එක්ක රන්ඩුවුනා... තරහා වෙලා හිටියා... ඒත් ඌට බැරි උනා හිත පරද්දන්න... අන්තිමට හිත කිව්ව දේ ඌ පිලිගත්තා.... ඒ ඌ එකිට කැමතියි කියලා හිත හිරි වට්ටන තරහින් පුපුරන ඒකිගේ පුංචි ඇස් වලට ඌ හුඟාක් අදරේ කලා.... ඒත්....... මේ කිසිම දෙයක් එකි දැන ගෙන හිටියේ නැහැ... හිත ඉස්සරහ පැරදුනු දවසෙ ඉදන් ඌ ලෝකෙට හොරාට හීන මැව්ව... එත්... හැමදමත් ලෝකෙට හොරෙන් හීන මවන්න ඌට බැරි උනා... ඌ කියන්න කලින් ලෝකයා උගෙන් හැම දේම දැන ගත්තා.... හැමදාම ඌ එකි දිහ බලන් හුගක් දේ කිව්ව... ඒ හිතින්... කවදවත් ඒවා වචන වුනේ    නෑ  .... සමහර දෙවල් කියන්න ඔන වුනාට ඌට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ඒ ...

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....

පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා...  A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා.....

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

ඉටු ( නො )වේද මේ ආදරණීය පැතුම.......

අහිංසක සිනහවත් කාන්තිමත් නෙත් සඟලත් අතර අතරමං වෙලා නෙතින් නෙත බලා සිතින් දොඩමලු වෙලා හිරු සයුර සිප ගනිද්දී  නුඹේ ළය මඩලට තුරුල් වෙලා උනුසුම් හාදුවකින් නුඹේ ඔය සියුමැලි කම්මුල් තෙමන  සොඳුරු වස්සානය හීනයක්ම පමනක් වේද මට.......

මතකයක් පමණක් වු අතීතයට...........

ආදරේ වෙලාවකට හුගාක් සුන්දරයි.... තව වෙලාවක හිතට මහා බරක් වගේම දුක හිතෙන කාරණයක් වෙනවා.... මම කිව්ව දේ හරිද කියල කියන්න මම දන්නෙ නැ........විරහවත් ඒ වගෙ.... සමහරු කියනවා ආදරේට වඩා විරහව සුන්දරයි කියලා........... විඳින්න පුලුවන් කියලා....... එකේ ඈත්තක් වගෙම නැත්තකුත් තියනවා.... ඒ මොනව වුනත් ජිවිතේ කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නම් නෙමෙයි.............. මේ ආදරණීය සටහනට ගැබ් වෙලා තියෙන්නේ මගෙ අත්දැකීමක්ද කියල මේ ජිවිතේට හුගාක් ලගින් ඉන්න කෙනෙක් මගෙන් ඈහුවා.......... ඒත් මේ නම් මගේ අත්දැකීමක් නම් නෙමෙයි..... මගේ යාලුවෙක්ගේ අත්දැකීමක් තමයි මේ නිසදැසට ගැබ් වෙලා තියෙන්නේ...... හිරි පොද වැස්සට තෙමි තෙමි එක කුඩයක් යටට වෙලා හීතලට නුඹට තුරුල් වෙලා නුඹේ ඔය හිනාවත් එක්ක නොපෙනෙන අනාගතයක් ගැන හීන මව මවා  කෙලවරක් නොපෙනෙන වීදියක් දිගේ විසල් තුරු යටින්  ගිය ඒ සුන්දර දවස් හිරු දුටු පිණි බිඳුවක් සේ බොදව ගියත්  ඒ ආදරණීය අතීතයට තාමත් ආදරෙයි මම මගෙන් වෙන්ව ගියත්.............

(අ)හිමි නුඹ නමින්....

නිදන්නට මට නොදෙන ඔය සුපෙම් නෙත් දෙකට සහස් කවි පබඳිමින් කොතෙක් ඉන්නද මෙලෙස...... ලබන්නට පින් නොමැත රැදෙන්නට තව නොහැක එත් ඔය නෙත් දෙකෙන් ඉවත යන්නෙ කොහොම........... ඉතින් පවසමි සිතින් මතු උපදින භවයක් පාසාම නුඹව සොයා සසර සරන්නට වරම් ලැබෙන්නට කියා......