Skip to main content

ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....


උඹ එනකන්හැමදාමත් වගේ මම තාමත්
අර හන්දිය ගාව..
එක එකා එහෙ මෙහෙ යනවා...
ඒත් නුඹ තාම නෑ...
තත්පර මිනිත්තු පැය දින සති මාස අවුරුදු....
මම උඹ එනකන් හුගක් කල් ඉදන් බලන් හිටියද..
හුගක් දෙවල් වෙනස් වෙලා... මම,මේ හන්දිය...
මාත් වයසට ගිහින්..
ඒක දැන ගත්තෙත් සමහරු මට කතා කරපු විදියෙන්...
කොච්චර කාලයක් ගිහින්ද කියලා මටවත් මතක නෑ..
තාමත් මම අර හන්දියට වෙලා ඉන්නව...
ඒත් මගෙ ආදරෙ වෙනස් වෙලා නෑ..
අපි දෙන්න වගෙ හුගාක් එවුන් ගියා...
ඒත් උන් අපි වගේ නෙමෙයි...
මම උන් දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැති එකෙක් විදියට..
ඒත් නුඹ අවේ නෑ තාමත්..
උඹ එන්නෙ නැත්ද...
ඉන්න තැනකින් කෑගහල කියපන් මට......
තාමත් ඉස්සර වගෙම ආදරෙන් මම ඉන්නව උඹ එනකන්
චුට්ටක් පරක්කු වුනාට කමක් නෑ..
මං බනින්නෙ නෑ..
දැන්වත් වරෙන්... මට පාලුයි..
ඉස්සර වගේ මට හයිය නෑ..ඒත් හිත හයියයි..
දන්නවා දවසක නුඹ එනවා කියලා මගේ මරනෙට කලින්..
මගේ වෙලා මං ලග ඉන්න...
එතකන් මම මේ හන්දිය ගාව ඉන්නවා..
මොකද උඹ දන්නෙ මේ හන්දිය විතරක් හින්දා..
ඉක්මනට වරෙන්...
සමහරවිට උඹට මාව අදුන ගන්න බැරිවෙවි.. ඒත් උඹට මගේ ආදරෙ සුවද දැනෙවි..
අදුන ගනින් එකෙන් මේ ඉන්නෙ මම කියලා
අනේ ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....

Comments

දිල් said…
පින්තූර කතාවක්...මට හිතුනේ එහෙමයි...පින්තූරය දිහා බලාගෙන ඉද්දී හදවතට එකතු උන දේවල් පෙළගස්සලා වගේ...

ජීවිතකාලයම තමන්ට වටින කෙනෙක් වෙනුවෙන් බලා ඉදීමත් එක්තරා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.එතකොට තව දවසක් ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන්.එහෙම නේද ?
මේක පින්තුර කතාවක් නම් නෙමෙයි දිල්..
බලාපොරොත්තුවක් තියාගෙන ආසාවෙන් ඉන්න පුලුවන් කල්පයක් උනත්... එත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුනොත් හිතට දැනෙන දුක කොච්චරද කියලා හිත ගන්න බැරි වෙවි.. එහෙම නේද.....
Nipun said…
ඉවසාගෙන හිටියානම් උඹ තව දුරටත්
තාමත් හන්දියෙ අඹ ගහ යට උඹ ඒකි එනකම්....
Happy Living said…
මේක ගැන කියනවනම් මුලින්ම කියන්න තියෙන්නේ නම් ඔයා අදහස් හිතේ තියෙන දේ කෙලින්ම ලියලා තියෙනව හරි ලස්සනට..ඒක සරලයි වගේ ඒත් හිතට ගොඩාක් දැනෙනවා.. කියවන්න ආසයි. මේ කවි ඔක්කොම ලස්සනයි අලියා...ඒවගෙ සමහර දේවල් ගොඩාක් අයට විදින්න වුන දේවල්..
@ Nipun
ඉවසන්නට බැරි හින්දා තව දුරටත්
වෙන්ව ගියා ඇයත් මාත් හිත (නො )සතුටින්....

@ upeka
ආදරේදි හැමෝටම අත්වින්දින්න වෙන්නේ එකම අත්දැකීම් සමහර වෙලාවට...
ස්තුතියි comment එකට...

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

පුලුවන් නම් S-3ක් දාලා පෙන්නනවා.....

පාසල් කාලේ කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ කියලයි මට හිතෙන්නේ.... පාසල් කාලෙ සිදුවුනු සමහර සිදුවීම් අදටත් හරිම රසවත්..... මගේ මතකයේ රැදුනු එක සුන්දර සිදුවීමක් බ්ලොග් සටහනක ලියන්න මට හිතුනේ පහුගිය දවස ගෙදර ගිය වෙලාවෙ මට මගේ පාසල් කලේ CHEMISTRY පොතක් අහුවුනු නිසා...  A/Lවලට MATHSකලේ හිතෙ කාලයක් තිස්සේ තිබුනු ආසාවට...ඒ ආසව කොච්චරද කියලා කියනවා නම් O/Lවිභාගේ ඉවර වෙලා සති දෙකට පස්සේ A/Lවලට පන්ති ගියා.. මුලින්ම ගියෙ CHEMISTRY පන්තියකට... ඒ සර් පටන් ගත්තෙ CHEMISTRY වල දෙවනි පාඩම... පලවෙනි පාඩම පස්සෙ කරනවා කිව්වෙ ඒ පාඩම දිග වැඩි නිසා... ඒ සර් ඒ පාඩම දන්නෙ නැත්ද මන්ද.... තාම අපි ඒ පාඩම කරනකන් බලන් ඉන්නවා ... එත් දෙවනි පාඩම නම් මිනිහා සිරාවටම කලා ... ඒ දවස් වල මගේ ප්‍රියතම විශය තමයි CHEMISTRY... කොහොම කොහොම හරි RESULT ආවා... දෙයියන්ගෙ පිහිටෙන් හොදට විභාගේ ගොඩ දාල තිබුනු නිසා කොහොම හරි ජාමේ බේරා ගත්තා.... නැත්නම් මල නොන්ඩියයි නේ...ටික දවසකින් ස්කොලේ A/L පන්ති පටන් ගත්තා... මුල් දවස් ටිකෙ නම් ආසාවෙන් ස්කොලේ ගියාට සති දෙකක් විතර යනකොට මට ස්කොලෙ උගන්නන එවා සිරාවටම මොලේට ධාරනය වෙන්න ගත්තා.....