Skip to main content

ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....


උඹ එනකන්හැමදාමත් වගේ මම තාමත්
අර හන්දිය ගාව..
එක එකා එහෙ මෙහෙ යනවා...
ඒත් නුඹ තාම නෑ...
තත්පර මිනිත්තු පැය දින සති මාස අවුරුදු....
මම උඹ එනකන් හුගක් කල් ඉදන් බලන් හිටියද..
හුගක් දෙවල් වෙනස් වෙලා... මම,මේ හන්දිය...
මාත් වයසට ගිහින්..
ඒක දැන ගත්තෙත් සමහරු මට කතා කරපු විදියෙන්...
කොච්චර කාලයක් ගිහින්ද කියලා මටවත් මතක නෑ..
තාමත් මම අර හන්දියට වෙලා ඉන්නව...
ඒත් මගෙ ආදරෙ වෙනස් වෙලා නෑ..
අපි දෙන්න වගෙ හුගාක් එවුන් ගියා...
ඒත් උන් අපි වගේ නෙමෙයි...
මම උන් දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැති එකෙක් විදියට..
ඒත් නුඹ අවේ නෑ තාමත්..
උඹ එන්නෙ නැත්ද...
ඉන්න තැනකින් කෑගහල කියපන් මට......
තාමත් ඉස්සර වගෙම ආදරෙන් මම ඉන්නව උඹ එනකන්
චුට්ටක් පරක්කු වුනාට කමක් නෑ..
මං බනින්නෙ නෑ..
දැන්වත් වරෙන්... මට පාලුයි..
ඉස්සර වගේ මට හයිය නෑ..ඒත් හිත හයියයි..
දන්නවා දවසක නුඹ එනවා කියලා මගේ මරනෙට කලින්..
මගේ වෙලා මං ලග ඉන්න...
එතකන් මම මේ හන්දිය ගාව ඉන්නවා..
මොකද උඹ දන්නෙ මේ හන්දිය විතරක් හින්දා..
ඉක්මනට වරෙන්...
සමහරවිට උඹට මාව අදුන ගන්න බැරිවෙවි.. ඒත් උඹට මගේ ආදරෙ සුවද දැනෙවි..
අදුන ගනින් එකෙන් මේ ඉන්නෙ මම කියලා
අනේ ඉක්මනට වරෙන්... මට උඹ නැතුව පාලුයි....

Comments

දිල් said…
පින්තූර කතාවක්...මට හිතුනේ එහෙමයි...පින්තූරය දිහා බලාගෙන ඉද්දී හදවතට එකතු උන දේවල් පෙළගස්සලා වගේ...

ජීවිතකාලයම තමන්ට වටින කෙනෙක් වෙනුවෙන් බලා ඉදීමත් එක්තරා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.එතකොට තව දවසක් ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන්.එහෙම නේද ?
මේක පින්තුර කතාවක් නම් නෙමෙයි දිල්..
බලාපොරොත්තුවක් තියාගෙන ආසාවෙන් ඉන්න පුලුවන් කල්පයක් උනත්... එත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුනොත් හිතට දැනෙන දුක කොච්චරද කියලා හිත ගන්න බැරි වෙවි.. එහෙම නේද.....
Nipun said…
ඉවසාගෙන හිටියානම් උඹ තව දුරටත්
තාමත් හන්දියෙ අඹ ගහ යට උඹ ඒකි එනකම්....
Happy Living said…
මේක ගැන කියනවනම් මුලින්ම කියන්න තියෙන්නේ නම් ඔයා අදහස් හිතේ තියෙන දේ කෙලින්ම ලියලා තියෙනව හරි ලස්සනට..ඒක සරලයි වගේ ඒත් හිතට ගොඩාක් දැනෙනවා.. කියවන්න ආසයි. මේ කවි ඔක්කොම ලස්සනයි අලියා...ඒවගෙ සමහර දේවල් ගොඩාක් අයට විදින්න වුන දේවල්..
@ Nipun
ඉවසන්නට බැරි හින්දා තව දුරටත්
වෙන්ව ගියා ඇයත් මාත් හිත (නො )සතුටින්....

@ upeka
ආදරේදි හැමෝටම අත්වින්දින්න වෙන්නේ එකම අත්දැකීම් සමහර වෙලාවට...
ස්තුතියි comment එකට...

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...

කපුටා සහ මොණරා

අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."  මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම.  මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි  "මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ. අරය වගේ මට සල්ලි නෑනේ ..  මම එච්චර දක්ෂ නෑ..  අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි.  අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ.. මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න ප...