Skip to main content

Posts

ඔබ කවුරුන්ද?

ඔබ කවුරුන්ද? වටහා ගත නොහැක මට..... රෑ පුරා නිදි මරා ඔබ ගැනම සිතුමුත් වටහා ගත නොහැක මට..... නෙතු අද්දර දඟ කරන ඔබේ රුව විටක සිත පෙලන හැටි විටක සිත නිවන හැටි අරුමයකි වටහා ගත නොහැක මට... කියා දුන මැනවි ඔබ කවුරුන්ද?

සිනාසෙන්න (නො )හැකිද මට.......

පෙනෙන දුර ඈත සිත ඔහේ වල්මත්ව සැරිසරන විට සිනාසෙන්න නොහැක මට.... එක තැන රඳවා ගත නොහැකිවු නියාවෙන් දෙනුවන් තෙමන විට සිනාසෙන්න නොහැක මට..... ලතැවුල් පිරි ලොවක සැම විටම අතරමං කරන විට සිනා සෙන්න නොහැක මට.... සැසදිල නොමැති ජිවිතය උමතුවෙන් යන විට සිනා සෙන්න නොහැක මට..... මෙතුවක් කාලයක් නුඹ මා අසරණ කල තරමට අනාගතයදී වත් සිනා සෙන්න (නො )හැකිද මට.......

නුඹම වුනි...

පෙරුම් පුරා දැක ගත් වසන්තය නුඹව වී ගලපා ගත්... කවියක පද වැල් අතරට තනුව නුඹම වුනි... වත්තම් කරගත් පද වැල් අතරට එලි වැටක් වී නැලවුනු කාලෙක මිහිර නුඹම වුනි... ජිවිතේ ලද මිහිරිම සුවය විදින විට ජීවිතය ලග හුස්ම නුඹම වුනි... සොඳුරු මතක ඉතිරිකල අතිතය ද නුඹම වුනි....

උඹට තියන ආදරේ නම් අඩු වෙන්නේ නෑ....

උඹත් එක්ක මම හිටියත් උඹේ කතා මම ඇහුවත් මගේ හිතේ තියන සැකේ නැති වෙන්නේ නෑ.... කොච්චර ඉන්නට හැදුවත් රණ්ඩු වෙනවා හැමදාමත් මගේ නෙතින් වැටෙන කඳුලු නුඹ දැකලා නෑ.... කොච්චර මම කතා කලත් කොච්චර මම හිනා වුනත් හිතේ තියන වේදනාව තුනී වෙන්නේ නෑ.... උඹ කොච්චර ලඟ හිටියත් උඹ මට මොනවා දුන්නත් උඹයි මායි කවදාවත් එකතු වෙන්නේ නෑ.... මම මේ මොනවා කිව්වත් මම මොන කවි පද ලිව්වත් උඹට තියන ආදරේ නම් අඩු වෙන්නේ නෑ....

නුඹයි මගේ අම්මේ....

ජිවිතය තුල අසරණව අනාතව පය ඔසවන විට ජිවිතයට සරණ, ගැට ගසා ගත් ජිවිතය අයාලේ යන විට ජිවිතයට අරුත, අතොරක් නොමැතිව සෝ තැවුල් හිත දවන විට ජීවයේ සෙත් පිරිත , නුඹයි මගේ අම්මේ....

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක...

මොකක්ද මේකේ තේරුම......?

කථා කලොත් රන්ඩුවක් ලු හිනාවුනොත් වදයක්ලු මොකක්ද මේකේ තේරුම.......? උඹට මාවත් ඕනෙලු රන්ඩු වෙන්නත් බෑලු මොකක්ද මේකේ තේරුම......? සමහර දේ මට කියන්නෙත් නෑලු මට ඒවා තේරුම් ගන්නලු මොකක්ද මේකේ තේරුම....? දුක පෙන්නන්නෙත් නෑලු මට දුක හිතෙයි කියලලු මොකක්ද මේකේ තේරුම.....? උඹ මට ආදරෙයිලු මට ඒක තේරෙන්නෙත් නෑලු මොකක්ද මේකේ තේරුම...? උඹට හැමදේම තේරෙනවලු ඒ හින්දා උඹවත් කියපන්ලු මොකක්ද මේකේ තේරුම......?