Saturday, June 19, 2010

උඹට තියන ආදරේ නම් අඩු වෙන්නේ නෑ....


උඹත් එක්ක මම හිටියත්
උඹේ කතා මම ඇහුවත්
මගේ හිතේ තියන සැකේ
නැති වෙන්නේ නෑ....

කොච්චර ඉන්නට හැදුවත්
රණ්ඩු වෙනවා හැමදාමත්
මගේ නෙතින් වැටෙන කඳුලු
නුඹ දැකලා නෑ....

කොච්චර මම කතා කලත්
කොච්චර මම හිනා වුනත්
හිතේ තියන වේදනාව
තුනී වෙන්නේ නෑ....

උඹ කොච්චර ලඟ හිටියත්
උඹ මට මොනවා දුන්නත්
උඹයි මායි කවදාවත්
එකතු වෙන්නේ නෑ....

මම මේ මොනවා කිව්වත්
මම මොන කවි පද ලිව්වත්
උඹට තියන ආදරේ නම්
අඩු වෙන්නේ නෑ....


8 comments:

isimbuwa said...

ඇයි මේ වෙලාවකට සැකයිලු තවත් වෙලාවකට අඬනවලු එකට ඉන්නත් බෑලු ඒත් ආදරේ අඩුවකුත් නෑලු අනේ මන්ද?

ක්‍රිශාන් said...

@isimbuwaආදරේ හැටි වෙන්න ඇති... අනේ මන්දා... මටත් තේරෙන්නේ නෑ...

ඉලංදාරියා said...

ආදරේ හැටි එහෙමයි....
ආදරේ කරනකොට මෙහෙමයි....

ආදරේ වෙනුවෙන් පන දෙනකොටත් ඒහෙමයි
සැකයක් ඇවිත් හොල්මන් කලොත් මෙහෙමයි

Anonymous said...

උස අත්තක මලක් උනේ
ගව් ගනනක් උඩින් ඉන්න
අවසානයේ සිද්ද උනේ
මල් පොකුරක එකක් වෙන්න

Anjala said...

ආදරය කරද්දී ගොඩක් අය හිතෙන් අඩන්නේ ඒත් සමහර අය තමන්ගේ හිතේ තියන වේදනාව මොනයම් අයුරිකින් හෝ එලියට දමනවා සහෝ....ආදරයේදී සැකය කියන දේ විෂබීජයක් හිතට වැටුනොත් දෙන්නාගේම ජීවිතය අපායක් වෙනවා...හිතට දැනුන ලස්සන නිර්මාණයක් :)

ක්‍රිශාන් said...

@Anjala
ඔයා කිව්ව කතාව සහතික ඇත්ත.... අපේ දුක සතුට අපි දැනෙන ආදර අපි විඳින විරහව තමයි කවි වලින් පිට වෙන්නේ... මාත් හුගාක් වෙලාවට දුක තුනී කර ගන්නේ හිත්ට එන දේ ලියලා.. ඒක ලස්සන නම් බ්ලොග් එකට දානවා... සැකේ කියන දේ ආදරේට ඔනෙම නෑ... සැකේ හිතේ තියන්වා නම් ඒ දෙන්න අතරේ විශ්වාසේ පොඩ්ඩක් වත් නෑ... එහෙම ආදරයක් වැඩකුත් නෑ.. ඊට වඩා හොදයි දෙන්න කතා කරලා වෙන් වෙනවා නම්... ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට

ක්‍රිශාන් said...

@ඉලංදාරියා

සහතික ඇත්ත මචං

අනේ මන්දා..?? said...

උඹ මට මොනවා කිවුවත්
මට මොන කවි පද ලීවත්
මාත් එක්ක රණ්ඩු උනත්
මගේ තරහක් නෑ

මාත් එක්ක උඹ හිටියත්
මගේ කතා උඹ ඈහුවත්
උඹේ හිතේ සෑකේටනම්
මම කෑමතිම නෑ