Friday, June 18, 2010

නුඹයි මගේ අම්මේ....


ජිවිතය තුල අසරණව අනාතව
පය ඔසවන විට
ජිවිතයට සරණ,

ගැට ගසා ගත් ජිවිතය
අයාලේ යන විට
ජිවිතයට අරුත,

අතොරක් නොමැතිව
සෝ තැවුල් හිත දවන විට
ජීවයේ සෙත් පිරිත ,

නුඹයි මගේ අම්මේ....

8 comments:

දිල් said...

කවදාවත් කියා ලියා නිම කරන්න බැරි ගුණ කඳ..අම්මා.......

පද ටික හිතට දැනුනා ක්‍රිශාන්

ක්‍රිශාන් said...

@දිල්
ස්තුතියි දිල්

දිල් said...

ලඟටවෙලා " අම්මේ " කියලාවත් කතාකරන්න මගේ අම්මා මට නැතුව ගියානෙ ක්‍රිශාන.....හිතද්දිත් දැනෙන්නෙ පුදුම දුකක්

Kandulu Binduwa said...

හරිම ලස්සනයි

ක්‍රිශාන් said...

@දිල්
අම්මා කෙනෙක් තැන කාටවත් ගන්න බෑ වගේම කවුරු හිටියත් ඒ අඩුව අපිට කවදාවත් නැති වෙන්නේ නෑ... ඒත් හැමෝම හමදාම ජිවත් වෙන්නේ නෑ දිල්... දුකයි තමයි... ඒත් ඔයා සතුටින් ඉන්නවා නම් ඔයාගේ අම්මත් කොහේ හරි ඉදන් ඔයාගේ සතුට දිහා සතුටින් බලන් ඇති....

ක්‍රිශාන් said...

@Kandulu Binduwa
ගොඩාක් ස්තුතියි

RanDil said...

සංවේදි පද ගැලපුමක්. හිතට දැනුනා

ක්‍රිශාන් said...

@RanDil
ස්තුතියි හුගාක්....