Wednesday, June 23, 2010

නුඹම වුනි...


පෙරුම් පුරා දැක ගත්
වසන්තය නුඹව වී ගලපා ගත්...
කවියක පද වැල් අතරට
තනුව
නුඹම වුනි...

වත්තම් කරගත් පද වැල් අතරට
එලි වැටක් වී නැලවුනු කාලෙක
මිහිර
නුඹම වුනි...

ජිවිතේ ලද මිහිරිම සුවය
විදින විට ජීවිතය ලග
හුස්ම
නුඹම වුනි...

සොඳුරු මතක ඉතිරිකල
අතිතය ද
නුඹම වුනි....

4 comments:

දිල් said...

හරිම ලස්සන පද ටිකක් ක්‍රිශාන්.......

ජිවිතේ ලද මිහිරිම සුවය
විදින විට ජීවිතය ලග
හුස්ම
නුඹම වුනි..

මේ ටිකට මම හුඟාක් කැමතියි

ක්‍රිශාන් said...

@දිල්

හුගාක් ස්තුතියි දිල්,
හැමදාම වගේ මම දාන බ්ලොග් පොස්ට් කියවල ක්මෙන්ටුවක් දානවට.. එක මට ලොකු හයියක්.. හුගාක් ස්තුතියි.....

sampathjt said...

උඹේ අදහස් ටික නියමෙට ගලපලා තියෙනෝ..කියවද්දි මගේ ඔලුවට ආවේ මම කැමතිම ගායකයෙක්වන අමරසිරි පීරිස් මහත්මයාගේ "සොඳුරිය කාලය කෙතරම් නපුරුද.." කියන ලස්සන ගීතය...
ජයවේවා!!!

Erandi Wickramasinghe said...

මේක තමයි හොදම​...ගොඩක් ලස්සනයි..