Friday, June 4, 2010

සුලඟ වගේ ඇවිත් යන්න එන්න...


හිත් මල තලා පොඩි කර
දැමුවත් මා නුඹේ...
අමතක නොවේ මට
නුඹේ ඔය ගුණ සුවද...
එ දවස නුඹෙන් ලද
නිල් අහසක් තරම් වු
ලොවුතුරු ආදරය
කවියක් වුනි නම්
ඒ මිහිරියාව විද ගන්න තිබුනි
මට තාමත්....
අනේ,
තව එකම එක වතාවකට
මේ දිවිය තියන තුරු
ආයෙමත් එන්න නුඹ
සුලඟ වගේ ඇවිත් යන්න
හනික එන්න
මම මඟ බලාන සිටිමි
ඔබ නැවත එන තුරු....

4 comments:

isimbuwa said...

ලස්සනයි.

www.blogsinhala.com said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

Anonymous said...

එන්න
එකම එක මොහොතකට..
ඔය තුරුලෙ හිස හොවා
ආදරය විඳගන්න...

එන්න
එකම එක මොහොතකට..
ප්‍රේමයෙන් මුසපත්ව
හැඟුම් දිය කලඹන්න...

එන්න
එකම එක මොහොතකට..
මේ ලියන දුක් කවිය
ඉරා විසිකරලන්න...

එන්න
එකම එක මොහොතකට..
විසල් වූ සෙනෙහසින්
මගේ ලොව සරසන්න...

අනේ නුඹ එන්න
එකම එක මොහොමතකට..
ඇවිත් යන්න නොව
සදහටම මගෙ වෙන්න...

ක්‍රිශාන් said...

@ Ano:
හරිම ලස්සන පද ගැලපුමක්... මෙන්න මගෙනුත් උත්තරයක්..පුංචි ඉල්ලීමක්...පුලුවන් නම් ඊලග සැරෙවත් කමෙන්ට් එකක් දානකොට නම දාන්න

මෙ කරදරෙ ඉවර වනතුරු
හිතේ සැකෙ නැති වෙන තුරු
දුවල එන්න නුඹේ ලගට
ඉන්න ටික දොහක්.....

සිප ගන්නට නුඹේ නලලත
විඳ ගන්නට නුඹෙ සෙනෙහස
දැවටෙන්නට නුඹෙ ලගම
ඉන්න ටික දොහක්....

ඇවිත් යන්න නොව
සැමදාටම නුඹෙ වෙන්න
මම එන්නම් නුඹෙ ලගට
ඉන්න ටික දොහක්....

@ isibuwa:
ස්තුතියි...