Thursday, June 10, 2010

පලක් ඇත්ද ඉදීමෙන් මං........


මතකයන් මම ලඟ තියාන
ජිවිතයම නුඹ අරන් ගියාම
හිනාවෙලා ඉන්නේ කොහොමද
නුඹ නැතිව මම......

පිස්සුවෙන් වගේ නුඹේ නම
මගේ තොල් මුමුනද්දි
අහිංසක සිනාවන්
මගේ නෙතු අසල දගකරද්දි...
කොහොම මම අමතක කරන්නද
නුඹේ ඔය සොදුරු මතකය....

හිතට දැනුනු වේදනාව
පත් ඉරක් මත අකුරු වෙද්දී
ඒ පත් ඉර ඉරාදමන්නට තරම්
නුඹ නපුරු වුනිද....

මගේ කටහඩ නුඹට වදයක් නම්
මගේ ආලය නුඹට එපා නම්
මගේ පෙම් ගී නුඹට අඳෝනා නම්
පලක් ඇත්ද ඉදීමෙන් මං........

4 comments:

Sri kolla said...

ගොඩක් හොද අදහසක්.... හිතට දැනෙන විදිහට ලියල තියනව. මේ අදහස ගෑණු ළමයෙගෙද, පිරිමියෙක්ගෙද කියල මම දන්නෙ නෑ. හැබැයි කොල්ලෙක් විදිහට මේ තියන අදහස් වල ඇත්ත මම දන්නව. අපි කොච්චර ආදරේ කලත් ඒක තේරුම් අර ගන්නෙ එහෙමත් කෙල්ලෙක්. සමහර විට අපිට ගැලපෙන කෙනා නෙවෙයි නිසා වෙන්න ඇති. අපි කොච්චර ආදරේ කලත් ගෑණු ළමයා කියන්නෙ "ඔයා මට ආදරේ නෑ" කියලයි. මේ වචන ටික දැක්කහම ඇත්තටම මට දුක හිතුන.... Keep it up.. Well done..

ක්‍රිශාන් said...

@ Sri kolla:
බොහොම ස්තුතියි... මේක මගේ නිර්මනයක්.... හිතට ලොකු දුකක් දැනුනු වෙලාවක ලිව්වෙ... ආදරේ කියන්නේ සමහර වෙලාවට තේරුම් ගන්න බැරි දෙයක්...

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

ප්‍රේමය නම් අසෙනිය කුසුමකි
රිසිවූ කෙනෙකුන් හට පුදන්නට
ලෝබ සිතින් තොර පිදුව මනායේ
පෙරලා ලබන්නට නොසිතා බිඳකුත්

සරත්චන්දුයන් කිව්වෙ එහෙමයි අලියා..
හිත හදාගනින්..

ක්‍රිශාන් said...

@ Ravi:
කාලෙකින් ඔබව මාගේ බ්ලොගය තුලින් දකින්නට ලැබීම සතුටකි..
දැන් සියල්ල සිදුවී හමාරය... මම දැන් හිත හදා ගෙන ඉවරයි මචං.. සරත්චන්දුයන්ගේ කතාවනම් ඇත්ත...ස්තුතියි මචං