මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...
සොදුරු අතීත මතක ආවර්ජනය.........

Comments
Thanks
Admin
http://blogsinhala.com/
එකම එක මොහොතකට..
ඔය තුරුලෙ හිස හොවා
ආදරය විඳගන්න...
එන්න
එකම එක මොහොතකට..
ප්‍රේමයෙන් මුසපත්ව
හැඟුම් දිය කලඹන්න...
එන්න
එකම එක මොහොතකට..
මේ ලියන දුක් කවිය
ඉරා විසිකරලන්න...
එන්න
එකම එක මොහොතකට..
විසල් වූ සෙනෙහසින්
මගේ ලොව සරසන්න...
අනේ නුඹ එන්න
එකම එක මොහොමතකට..
ඇවිත් යන්න නොව
සදහටම මගෙ වෙන්න...
හරිම ලස්සන පද ගැලපුමක්... මෙන්න මගෙනුත් උත්තරයක්..පුංචි ඉල්ලීමක්...පුලුවන් නම් ඊලග සැරෙවත් කමෙන්ට් එකක් දානකොට නම දාන්න
මෙ කරදරෙ ඉවර වනතුරු
හිතේ සැකෙ නැති වෙන තුරු
දුවල එන්න නුඹේ ලගට
ඉන්න ටික දොහක්.....
සිප ගන්නට නුඹේ නලලත
විඳ ගන්නට නුඹෙ සෙනෙහස
දැවටෙන්නට නුඹෙ ලගම
ඉන්න ටික දොහක්....
ඇවිත් යන්න නොව
සැමදාටම නුඹෙ වෙන්න
මම එන්නම් නුඹෙ ලගට
ඉන්න ටික දොහක්....
@ isibuwa:
ස්තුතියි...