Skip to main content

මොකක්ද මේකේ තේරුම......?


කථා කලොත් රන්ඩුවක් ලු
හිනාවුනොත් වදයක්ලු
මොකක්ද මේකේ තේරුම.......?
උඹට මාවත් ඕනෙලු
රන්ඩු වෙන්නත් බෑලු
මොකක්ද මේකේ තේරුම......?
සමහර දේ මට කියන්නෙත් නෑලු
මට ඒවා තේරුම් ගන්නලු
මොකක්ද මේකේ තේරුම....?
දුක පෙන්නන්නෙත් නෑලු
මට දුක හිතෙයි කියලලු
මොකක්ද මේකේ තේරුම.....?
උඹ මට ආදරෙයිලු
මට ඒක තේරෙන්නෙත් නෑලු
මොකක්ද මේකේ තේරුම...?
උඹට හැමදේම තේරෙනවලු
ඒ හින්දා උඹවත් කියපන්ලු
මොකක්ද මේකේ තේරුම......?

Comments

Kanishka said…
සිරා කතාව මචෝ...
තනිකර ඇත්ත මහත්තයෝ.. නියමෙටම ලියල තියෙනව... තනුවක් දාලා ජිප්සීස්ලට හරි ඩැඩීට දුන්නොත් මොකද...?
Kanishka | කණියා:
ස්තුති වේවා...

මාතලන්:
ස්තුති වේවා...බලමු බලමු මේක ජිප්සීස් හරි ඩැඩීලට හරි දෙන්න...
චතුවා said…
සිරාවටම සිරා කතාව සහෝ... එලකිරි
චතුවා said…
This comment has been removed by the author.
Unknown said…
අර තේරුම් හොයන්න ගිහින් චාටර් නොවියයුතු ජාතියෙ ප්‍රශ්ණයක් නේද? :)
උඹට තේරෙන් නෑළු
මට කියන්න විදියක් නෑළු
තේරුම් ගන්න දවසක් ඒළු
ගෑණු හිත මෙහෙමයි යාළු