Skip to main content

මගේ පාරමිතාව නුඹයි ජිවිතේ පුරාවටම....


මේ සංසාරය කොතරම් දිගුදැයි මම නොදනිමි.. මේ සංසාරයේ ආත්ම කියක් ජිවත් වුවාදැයි මම නොදනිමි..සංසාරයේ ඔබ ආත්ම කියක මට හිමි වුවාදැයි මම නොදනිමි...එහෙත් ප්‍රේමයේ අසිරිමත් මල් විල මත් ඔබේ ආදරය නම් වු අරවින්දය පිපී ඇති බව පමනක් දනිමි..සං සාරය දුකක් බවද දනිමි...
එහෙත් ඔබව හිමි වේ නම් ඒ දුක් කන්දම විද ගෙන ජීවත් වෙමි.. දුකක් වුවද ඔබව නොලැබ නිවන් දකින්නට තරම් මට ලොකොත්තර විය නොහැක...

මන්ද මා එතරම නුඹට ආදරය කරන නිසාවෙනි....


හැම සුසුමකම
හැම සීතල කඳුලකම
ඇසිපිය හෙලන හැම ඇසිල්ලකම
නොනිදන තිස්තුන් පැයකම
මගේ පාරමිතාව නුඹයි
ජිවිතේ පුරාවටම....

Comments

Google Bot said…
Thanhaya Jayathi Soko......
Anonymous said…
ලස්සන අදහස් ටික.
@ isibuwa
හුගාක් ස්තුතියි ඉසිඹුව.. හුගාක් ස්තුතියි

@ google bot:
:D
sachi said…
ලෝකෝත්තර සුවයක් සොයා සැනැසෙන්න ඉඩ නොදෙන..
නුඹයි මට ඇති උත්තරීතර ලෞකික සුවය..
Anonymous said…
ලෝකෝත්තර සුවයක් සොයා
සැනැසෙන්න ඉඩ නොදෙන..
නුඹයි මට ඇති උත්තරීතර ලෞකික
සුවය සොයාවිත් සනසවන..

-දුඹුරු ඇස්..
Anonymous said…
ලෝකෝත්තර සුවයක් සොයා
සැනසෙන්න ඉඩ නොදෙන...
නුඹයි උත්තරීතර ලෞකික සුවය
මා සොයා විත් සනසවන...

-
දුඹුරු ඇස්..

Popular posts from this blog

පව් අපේ අහිංසක කොල්ලෝ

කෙල්ලෙක් අඬනවා නම් හැමොම "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි ඒත් කොල්ලෙක් ඇඬුවොත් එහෙම හැමොම කියයි "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා" කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම හැමොම හිතන්නේ "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..." ඒත් කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම හමොම හිතන්නේ "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..." කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත් හැමෝම කියයි "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...." ඒත් කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම හැමෝම හිතයි "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..." කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත් හැපුනු කෙනා "It's OK" කියල හිනාවකුත් දායි.. ඒත් කොල්ලෙක් එහෙම හැපුනොත් "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි... ඒත් කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම හැමොම කියයි "මොක

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද