Skip to main content

පව් අපේ අහිංසක කොල්ලෝ



කෙල්ලෙක් අඬනවා නම් හැමොම
"අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි
ඒත්
කොල්ලෙක් ඇඬුවොත් එහෙම
හැමොම කියයි
"මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා"

කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම
හැමොම හිතන්නේ
"අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..."
ඒත්
කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම
හමොම හිතන්නේ
"ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..."

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත්
හැමෝම කියයි
"හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...."
ඒත්
කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම
හැමෝම හිතයි
"ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..."

කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත්
හැපුනු කෙනා
"It's OK" කියල හිනාවකුත් දායි..
ඒත්
කොල්ලෙක් එහෙම හැපුනොත්
"තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි

කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම
"අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා
ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි...
ඒත්
කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම
හැමොම කියයි
"මොකක්ද මිනිහො එලවන්න දන්නේ නැද්ද කියලා...."

මොන ලෝකයක්ද මේක.....? පව් අපේ අහිංසක කොල්ලෝ......

Comments

ඇත්ත බන් 100% ඇත්ත...

ඇයි බන් ඒ....?
@ ඉලංදාරියා:
අනේ මන්දා බං.. එතන මොකක් හරි අවුලක් තියනවා....
ඇයි අනේ ඒ.. මටත් හිතාගන්න බෑ...

ඒ උනාට කාන්තා පක්ෂය ජනප්‍රිය අයට ඔහොම කරන්නෙ නෑ...
කොල්ලො දෙන උත්තරයමයි දෙන්නේ..

ඔහොම වෙන්නෙ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?
Anonymous said…
maru macho.....sahatika atta....
චතුවා said…
අපි ගැන දුකත් හිතෙවනා අප්පේ....
බලාගෙන ගියහම අපි පවුනේ දෙයියනේ
Kool Tempo said…
ඊට වඩා හොදම සීන් එක දන්නවද?

කොල්ලෙක් කෙල්ලෙකුට බදිනව කියලා බලාපොරොත්තු දීල නොබැද මගහැරියොත් කෙල්ලට උසාවි ගිහිල්ල ඒ බව ඔප්පු කරලා සාධාරනයක් කරන්න කියල ඉල්ලන්න පුලුවන්. කොල්ල ලව් කරල කාලේ විවාහ පොරොන්දුවක් ගැන කියල ලියපු ලියුමක් අත්සන සහිතව ඉදිරිපත් කළෝත් උසාවිය ඒක පිළිගන්නව.අන්තිමට ඒ කොල්ලට කෙල්ලව බදින්නම වෙනවා.

කොල්ලෙකුට මේ දේ උනොත් උසාවි යන්න බෑ අතිශය ප්‍රබල සාක්ෂි නැතුව. ගියත් වැඩක් වෙන්නේ නැහැ, මොකද කෙල්ලට විරුද්ධව තීරණයක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම කොල්ලව බදින්න කියලා

පව් නේද අපේ කොල්ලෝ
xBoylk said…
100% ඇත්ත
ඇත්ත කතාව... සහතික ඇත්ත... කෙල්ලොන්ට ගිය ලෝකයක් නේ.. හික් හික්...

අර කොල්ලො අඩ්නකොට කියන කතාව... ලැජ්ජ නැද්ද... ඕක නම් මහම හරක් කතාවක්... ඇයි කොල්ලො කියන්නේ ලේ මස් නැති උන්ද...
Teena said…
ප්‍රතිවාදී පිළේ උනත් මට ඒ සහෝදරය කිපු දේ අනුමත කරන්න වෙනවා.. මොකද මටත් තියෙනව සම්පත් සපිරි ගිණුමක්.. හිහි!

කතාව නම් ඇත්ත තමා සහෝ..!ඒත් ඉතිං මක් කොරන්න..ඔන්න ඔය ඉන්න ඩිංගේ සහයෝගෙන් ඉමු...
මල්$han said…
පස්ට කතාව දුකා අයියා.....අපි පව් නේ.. :)
xBoylk said…
@ ෆා ද බ්ලොගී
"මක් කොරන්නද?" කියල ඇඟ බේර ගත්තම හරිද?
@ All:
උත්සහ කරමු මේ ක්‍රමය වෙනස් කරන්න.....
නැත්නම් ඉතින් අපිට පව් නේද කියලා තමයි කියන්න වෙන්නේ...

@ මල්$han:

මම දුකා අයියා නෙමෙයි... මගේයි දුකා අයියගේයි දෙක එක වගේ.. රැවටුනා නේද.....

@ ෆා ද බ්ලොගී:

මීට වඩා අපි ගැනත් හිතුවොත් නරකද.....???
:-)
C0de BlUe said…
අනේ මට නම් දුකේ බෑ අපි ගැන !!!
kumaraya said…
මාත් මේ කතාව නම් අනුමත කරනව .... කටේ මසුරං දාන්න වටිනව කියන්නෙ මේ වගේ කතාවලට තමයි....
රවා said…
ක්‍රිශාන් .. ඇදුම නිල්පාට වුනාට පරණ කෙනාම නෙද.... අපිව මතකද දන්නෙත් නැහැ.. නැත්නම්.. කොහොම උනත් කාලෙකින් දැක්කෙ මතක මන්දිර.... පොස්ට් එක කියවපු හාම කෑගැස්සුනා.. අද උදෙ ඉදන්ම කැගහනවා.. පුදුම කැගැහිල්ලාක්... මුන් මාර කතා හොයාගෙන එන්නෙ..
@රවා....

කොහොම අමතක කරන්නද රවා උඹව... ඇත්තටම කාලෙකින් තමයි... මම තාම පරණ ක්‍රිශාන් ම තමයි මචං... මේ දවස් වල ටිකක් දිගටම බ්ලොග් ලිව්වා.. දැක්කේ නැත්ද සින්ඩියේ තියනවා... කොහොම උනත රවා ස්තුතියි කමෙන්ට් එකට.. ඔහොම කෑ ගහන්න ගියොත් උඹට ඩිගටම කෑ ගගහ ඉන්න වෙයි... :-)
අනේ මන්දා....මොනවා උනත් මේකනම් නියමයි

Popular posts from this blog

අමාවක විජිතයේ සිට....

අඳුරේ යන්නෙමි නොපෙනෙන දුර ඈත නුඹ නැතිදා පටන් මා අඳුරේ බව නුඹ දනීද...? එලිය නිවලා නුඹ ගියත් අමාවක විජිතයේ ඉදන් මම නෙතු අයා හිඳිමි නුඹේ සඳ එලිය ආයෙමත් වටෙන තුරු මගේ ලොවට...

සිහිනය....

ලස්සනට ලියන්නට මට පුලුවන්ද කියල දන්නෙ නැති වුනත් මගෙ හිතේ පුංචි හීනයක් තිබුනා හුගාක් කාලෙක ඉදන්.එක ඉටු කරගන්න මම කල උත්සහය මම විතරයි දන්නෙ .කොහොම කොහොම හරි අන්තිමට මගෙ ඒ පුංචි හීනේ අද ඉටු වුනා.ඒ පුංචි හීනේ තමයි මගෙම කියලා බ්ලොග් එකක් ලියන එක.හුගාක් සතුටුයි අද මට. ඒ සතුටත් එක්ක මම පලවෙනි බ්ලොග් එක ලියන්න යනකොට,මට අතිතයේ දවස සිදුවුන පුංචි දෙයක් මතක් වුනා.ඒක මගෙ පලමු බ්ලොග් එක විදියට එක ලියන්න මම හිතුවා.කැම්පස් එන්න ටික දවසකට කලින් මම මගෙ කාමරෙ අස් කරකොට පොඩිවුනකොලයක් මගෙ ඇද පල්ලෙ තිබිලා හමුවුනා එකේ තිබුන පුංචි නිසදැසක් මෙන්න මෙහෙම ''පෙණ පිඩු නංවමින් ගලා යන ජීවිත ගංඟාවේ එක්තරා ගිම්හාන ඍතුවක එක නිමේෂයක ඔබ මම හමුවුනි..... ගහ කොල මලානිකව සුසුම් හෙලද්දී ......... බොල් පොලව කර්කෂව ඉරිතැලී යද්දී ඔබ තුහින මල් වැස්සක් වී මගේ ජීවිත ගංඟාවට වැටුනා නොවෙද......... ඔබේම වු ආදරයේ ස්නේහයේ තුහින මල් වැස්සෙන් වේලී හිදී යමින් තිබු මගේ ජීවිතය පිරි ඉතිරී පිටර ගැලු බව ඔබට මතකද.......... ඒ වසත් සමය අපේම නොවෙද ගෙවී ගිය ඒ වසත් සමය වෙනුවෙන් මෙසේ පවසමි......... ඔබෙන් ලද