Skip to main content

පව් අපේ අහිංසක කොල්ලෝ



කෙල්ලෙක් අඬනවා නම් හැමොම
"අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි
ඒත්
කොල්ලෙක් ඇඬුවොත් එහෙම
හැමොම කියයි
"මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා"

කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම
හැමොම හිතන්නේ
"අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..."
ඒත්
කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම
හමොම හිතන්නේ
"ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..."

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත්
හැමෝම කියයි
"හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...."
ඒත්
කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම
හැමෝම හිතයි
"ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..."

කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත්
හැපුනු කෙනා
"It's OK" කියල හිනාවකුත් දායි..
ඒත්
කොල්ලෙක් එහෙම හැපුනොත්
"තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි

කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම
"අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා
ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි...
ඒත්
කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම
හැමොම කියයි
"මොකක්ද මිනිහො එලවන්න දන්නේ නැද්ද කියලා...."

මොන ලෝකයක්ද මේක.....? පව් අපේ අහිංසක කොල්ලෝ......

Comments

ඇත්ත බන් 100% ඇත්ත...

ඇයි බන් ඒ....?
@ ඉලංදාරියා:
අනේ මන්දා බං.. එතන මොකක් හරි අවුලක් තියනවා....
ඇයි අනේ ඒ.. මටත් හිතාගන්න බෑ...

ඒ උනාට කාන්තා පක්ෂය ජනප්‍රිය අයට ඔහොම කරන්නෙ නෑ...
කොල්ලො දෙන උත්තරයමයි දෙන්නේ..

ඔහොම වෙන්නෙ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?
Anonymous said…
maru macho.....sahatika atta....
චතුවා said…
අපි ගැන දුකත් හිතෙවනා අප්පේ....
බලාගෙන ගියහම අපි පවුනේ දෙයියනේ
Kool Tempo said…
ඊට වඩා හොදම සීන් එක දන්නවද?

කොල්ලෙක් කෙල්ලෙකුට බදිනව කියලා බලාපොරොත්තු දීල නොබැද මගහැරියොත් කෙල්ලට උසාවි ගිහිල්ල ඒ බව ඔප්පු කරලා සාධාරනයක් කරන්න කියල ඉල්ලන්න පුලුවන්. කොල්ල ලව් කරල කාලේ විවාහ පොරොන්දුවක් ගැන කියල ලියපු ලියුමක් අත්සන සහිතව ඉදිරිපත් කළෝත් උසාවිය ඒක පිළිගන්නව.අන්තිමට ඒ කොල්ලට කෙල්ලව බදින්නම වෙනවා.

කොල්ලෙකුට මේ දේ උනොත් උසාවි යන්න බෑ අතිශය ප්‍රබල සාක්ෂි නැතුව. ගියත් වැඩක් වෙන්නේ නැහැ, මොකද කෙල්ලට විරුද්ධව තීරණයක් දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම කොල්ලව බදින්න කියලා

පව් නේද අපේ කොල්ලෝ
xBoylk said…
100% ඇත්ත
ඇත්ත කතාව... සහතික ඇත්ත... කෙල්ලොන්ට ගිය ලෝකයක් නේ.. හික් හික්...

අර කොල්ලො අඩ්නකොට කියන කතාව... ලැජ්ජ නැද්ද... ඕක නම් මහම හරක් කතාවක්... ඇයි කොල්ලො කියන්නේ ලේ මස් නැති උන්ද...
Teena said…
ප්‍රතිවාදී පිළේ උනත් මට ඒ සහෝදරය කිපු දේ අනුමත කරන්න වෙනවා.. මොකද මටත් තියෙනව සම්පත් සපිරි ගිණුමක්.. හිහි!

කතාව නම් ඇත්ත තමා සහෝ..!ඒත් ඉතිං මක් කොරන්න..ඔන්න ඔය ඉන්න ඩිංගේ සහයෝගෙන් ඉමු...
මල්$han said…
පස්ට කතාව දුකා අයියා.....අපි පව් නේ.. :)
xBoylk said…
@ ෆා ද බ්ලොගී
"මක් කොරන්නද?" කියල ඇඟ බේර ගත්තම හරිද?
@ All:
උත්සහ කරමු මේ ක්‍රමය වෙනස් කරන්න.....
නැත්නම් ඉතින් අපිට පව් නේද කියලා තමයි කියන්න වෙන්නේ...

@ මල්$han:

මම දුකා අයියා නෙමෙයි... මගේයි දුකා අයියගේයි දෙක එක වගේ.. රැවටුනා නේද.....

@ ෆා ද බ්ලොගී:

මීට වඩා අපි ගැනත් හිතුවොත් නරකද.....???
:-)
C0de BlUe said…
අනේ මට නම් දුකේ බෑ අපි ගැන !!!
kumaraya said…
මාත් මේ කතාව නම් අනුමත කරනව .... කටේ මසුරං දාන්න වටිනව කියන්නෙ මේ වගේ කතාවලට තමයි....
රවා said…
ක්‍රිශාන් .. ඇදුම නිල්පාට වුනාට පරණ කෙනාම නෙද.... අපිව මතකද දන්නෙත් නැහැ.. නැත්නම්.. කොහොම උනත් කාලෙකින් දැක්කෙ මතක මන්දිර.... පොස්ට් එක කියවපු හාම කෑගැස්සුනා.. අද උදෙ ඉදන්ම කැගහනවා.. පුදුම කැගැහිල්ලාක්... මුන් මාර කතා හොයාගෙන එන්නෙ..
@රවා....

කොහොම අමතක කරන්නද රවා උඹව... ඇත්තටම කාලෙකින් තමයි... මම තාම පරණ ක්‍රිශාන් ම තමයි මචං... මේ දවස් වල ටිකක් දිගටම බ්ලොග් ලිව්වා.. දැක්කේ නැත්ද සින්ඩියේ තියනවා... කොහොම උනත රවා ස්තුතියි කමෙන්ට් එකට.. ඔහොම කෑ ගහන්න ගියොත් උඹට ඩිගටම කෑ ගගහ ඉන්න වෙයි... :-)
අනේ මන්දා....මොනවා උනත් මේකනම් නියමයි

Popular posts from this blog

ආදරයත් ජීවිතය වගේ.....

ආදරය ත්  ජීවිතය වගේ..... හැම වෙලාවෙම පහසුත් නෑ.... හැම වෙලාවෙම සතුට ගේන්නෙත් නෑ...... නමුත් අපි ජීවිතය නතර කරන්නෙත් නෑ.... ඉතින් ආදරය නතර කරන්නේ කොහොමද?....ජිවිතෙදි කවදාවත් ආදරය සැලසුම් කරන්න බෑ.....හේතුවක් නිසා ආදරය ඇතිවෙන්නෙත් නැහැ....ඒත් ආදරය හෑබෑවක් වුනාම එක තමයි ජීවිතයේ සැලැස්ම..... මේ පුංචි සටහනත් එක්ක එක්තරා හැන්දැවක වුනු සිදුවීමක් ලියන්න මට හිතුනා ..... එදා බ්‍රහස්පතින්දා දවසක් වගෙ තමයි මට මතක..... අපේ කැන්ටිමට වෙලා මම පාර දිහා බලන් හිටියේ නිකමට වගේ..... හවසට සරසවි භූමිය කියන්නේ පෙම්වතුන්ගේ තෝතැන්නක්... එහෙම කිව්වට වරදවා හිතන්න එපා.... දකිහිප දෙනෙක් පිට්ටනිය ගාව තියන බංකුවකට වෙලා ඈත ක්ෂිතිය දිහා බලන් පෙම් බස් මුමුනද්දී තවත් පෙම්වතුන් අත් පටලාගෙන බස් නැවතුම් පොලට ඇදුනෙ නවාතැන් බලා යන්න වෙන්න ඇති.... ඔහොම ඉන්න කොට ඔය පෙම්වතුන් අතරින් එක්තරා විශේෂ දෙන්නෙක් දෙසට මගෙ ඇහ ගියෙ නිකමට වගේ... ඇත්තටම ඒ දෙදෙනා හුගාක් විශේෂිතයි.... මොකද ඒ ඔවුන් දෙදෙනාම අන්ධයි....ඈතට උන් දෙන්න අන්ධයි කියල පේන්නේ නෑ..මළ හිරු බැස යන යාමයක් වුනත් ටිකක් විතර අව්ව තිබුනා... කුඩය...

සිරිදාස ගැන මට දුකය

මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??  ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..  නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්..  විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම  කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.  එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා..  ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත.  මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත.  සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි   රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද ...